Saturday, July 23, 2016

මස් කාපං පුතේ උඹට පවු නෑ!

මස් කාපං පුතේ උඹට පවු නෑ!



(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)



මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි.



මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ප්‍රණඝාත අකුසලයක් නොවන බවයි. විනය පිටකයේ භික්ෂූන් සඳහා වැළඳීම තහනම් කරණ ලද මාංශ හැර අනික්වා ගැනීමේ වරදක් නැති බවය. මෙහිදී අතීතයට බලපාන ලෙස කර්ම රැස්වීමක් සිදුනොවන බවක් දක්වා සිටිනවා.



දැන් අපි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සලකා බලමු
න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ, බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති



තමන් වෙනුවෙන් මැරූ බව,
 නොදුටු (අදිට්ඨං)
 නොඇසූ (අසූතං)
 සැකයක් නොමැති (අපරිසංඛිතං)



මේ ආකාරයේ මාශයක් වැළඳීමට පැහැදිලිවම බාධාවක් නොමැත. එය අවිවාදය, නමුත් ගැටලුව ඇත්තේ මේ ආකාරයේ මංශයක් වැළඳිමේන් අපට පවක් සිදුනොවේ, අකුසලයක් සිදු නොවේ කියා මස් කන එකට දිරිදීමය. එසේනම් මාංශ බක්ෂණයට දිරිගන්වමින් පොත් පත්, සහ ලිපි ලියමින් වෙහෙසීමය. මෙය එක් අන්තයකි අනෙක් අන්තය එකල සිටි දේව දත්තයන් කළේය, නමුත් මේ කාරණාවත් තමංගේ මස්කෑමේ කෑදර කමට වාසියට හරවාගැනීමට බොහෝ දෙනා උත්සාහ දරනවා.



මේ දෙව්දත් තෙර බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලූ ඉල්ලීම් 5යි.



1. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ ආරණ්‍යක ම විය යුතුයි.
2. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතික ම විය යුතුයි.
3. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පාංශුකූලික ම විය යුතුයි.
4. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ වෘක්ෂ මූලික ම විය යුතුයි.
5. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ නිර්මාංශික ම විය යුතුයි.



මොහොතක් හිතන්න? වනගතව වාසය කිරීම භික්ෂුවකට අකැපැ ද? එය වැරදි ද? භාවනායෝගි භික්ෂුවකට වඩාත් යෝග්‍යම වන්නේ ආරණ්‍යක සිටීම නොවේ ද? පිණ්ඩපාතය වැඩීම වැරදි ද ? පාංශුකූලික වීම වැරදි ද? වෘක්ෂ මූලික වීම වැරදි ද? නිර්මාංශී වීම වැරදි ද?



බුදුන් මේවාට එකඟ නොවුනේ ඒවා අනිවාර්යවශයෙන් විනිය නීතියක් කළයුතු දේවල් නොවන බැවිනි.



තව දුරටත් විමසා බලමු, බෞද්ධයාගේ නිත්‍ය පංච සීලයේ තුන්වන සිල්පදය ඔබ තවදරුටත් විමසා බැලුවහොත් අවිවාහක ස්ත්‍රියක් සහ අවිවාහක පුරුෂයෙකු ලිංගිකව හැසිරීම තුන්වන සිල්පදය කැඩීමක් නොවන බව ඔබට වැටහේවී, (http://dahamsewana.blogspot.com/2009/04/blog-post_7962.html) නමුත් එයින් අදහස් වන්නේ, එය කළ යුතු බවද ?



මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.



මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.



෴පසු සටහන෴



ඉහත සටහනෙහි සමහරක් කොටස් මා විසින් පසුව වෙනස් කරන ලද බව කරුණාවෙන් සලකන්න, එයට හේතුව ඤාණානන්ද හිමියන්ට අපහාස වන ආකාරයේ වචන සටහන් ව ඇති බව, සමහරෙකුන් විසින් පෙන්වා දුන් නිසාය. එවැනි අදහසක් මගේ සිතේ නොතිබුනත් වචන භාවිතා කොට තිබු ආකරය අනුව එවැන්නක් කෙනෙකුට සිතිය හැක. අනෙක් කාරනාවනම් බෞද්ධායා මස්කෑම හරිද වැරදිද කියා කියා තරක් කර සිටිනවාට වඩා කළයුතු දේවල් ඇත. මේ කාරනාව මත මට පුද්ගලිකව ලැබෙන හෝ ලබාගන්නා වාසියක් නැත. භව අන්තරාව ගැන නියමව වැටෙහේනම් හිස ගිනිගත්තත් ඒ ගැන නොතැවී නිර්වාණයට යොමුවිය යුතුබව දක්වා ඇති බැවින් මෙවන් කාරනා සම්බන්ධව තර්ක විතර්ක කිරීමට කාලය නාස්ති කිරීමද අනුවන කමකි.



මේ කරුණ පිලිබඳ ලියවුනු වැදගත් ලිපි මෙම අඩවියේ ඇත.
http://www.dhammikaweb.com/?p=11628 [මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්]
http://www.dhammikaweb.com/?p=4617 [පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි - ධර්ම දේශනාව

No comments:

Post a Comment