නෙත් අග තිබුනු රාගය දැන් නැහැ නිතර.
තිස්සෙම සොයන්නේ දූගේ කෙලි කවට.
සායම් ගිහින් වියලුණු නුබේ අමු දෙතොල.
මුමුනයි පුතුට රසකර නැළවිලි ගීත.
කෙහෙරැළි ඇවිත් සුළගේ දුන් ඒ මිහිර.
අද නැහැ කොන්ඩ කටුටික හිස් මුදුනේ තනිව.
මහ රෑටත් මගේ හිස නැළවූ උකුළ.
දරු දෙදෙනෙක් නළවයි අද වී සයන.
දරුවන් වදා වැහැරුණු මස වැඩි උදර.
දෑතත් මදි ගන්නට දැන් ඉග මහත.
බිම බැලුවත් කම්මැලි තිසරුන් යුගළ.
උඹ තාමත් මගේ හොද බිරිද.
සුදුමුදු ඇගිලි තුඩු මා ළය මත දිව්ව.
හැඩිදැඩි වෙලා වැඩ කරලම ගෙයි සොදින.
අහවර නැතිද වැඩ තාමත් අද මැණික.
උකුළට එන්න මගේ නිදිනම් දරු දෙපළ.
තිස්සෙම සොයන්නේ දූගේ කෙලි කවට.
සායම් ගිහින් වියලුණු නුබේ අමු දෙතොල.
මුමුනයි පුතුට රසකර නැළවිලි ගීත.
කෙහෙරැළි ඇවිත් සුළගේ දුන් ඒ මිහිර.
අද නැහැ කොන්ඩ කටුටික හිස් මුදුනේ තනිව.
මහ රෑටත් මගේ හිස නැළවූ උකුළ.
දරු දෙදෙනෙක් නළවයි අද වී සයන.
දරුවන් වදා වැහැරුණු මස වැඩි උදර.
දෑතත් මදි ගන්නට දැන් ඉග මහත.
බිම බැලුවත් කම්මැලි තිසරුන් යුගළ.
උඹ තාමත් මගේ හොද බිරිද.
සුදුමුදු ඇගිලි තුඩු මා ළය මත දිව්ව.
හැඩිදැඩි වෙලා වැඩ කරලම ගෙයි සොදින.
අහවර නැතිද වැඩ තාමත් අද මැණික.
උකුළට එන්න මගේ නිදිනම් දරු දෙපළ.
No comments:
Post a Comment