Sunday, July 17, 2016

About father

තාත්තා ගැන
මම තවමත් අනේක වාරයක් දුක් වෙනවා.මගේ තාත්තා ගැන.තාත්තා මිය යන තුරු මගේ සිතේ  තිබුනේ ඔහු ගැන ලොකු තරහක්.මන්ද යත් මාගේ ලමා කාලය ගත කලේ ඉතාමත් දුක් බර ජීවිතයක් බැවින්.එම අවධියේ මම දුටුවේ ඔහු මගේ ලොකේ විනාශ කරන්න ආ යක්ෂයෙක් විදියට.එයට ප්‍රධාන හේතුව තාත්තාගේ බීමත්කම.නොබීව දවසට මගේ තත්තා ඉසිවරයෙක් වගේ.බීවම ඔහු යක්ෂයෙකි.තාත්තා හොදීන් ඉන්නවා දැකලා තියෙන්නේ ඉතාමත් සුලු වශයෙනි.තාත්තාගේ ගුටි වලින් නොමැරී බේරුණු අවස්ථා බොහොමයි.
           මතු සම්බන්ධයි

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete

  2. Monday, March 19, 2012
    පැණි හඳ.......



    නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල...
    දරාගත්ත විදියටම...
    මට නම් දැනුනා..
    ඔරැවට නැග්ග...
    එකම එකා..
    මම නොවන වග...

    හබල ගන්නකොට අතට...
    පෙන්නපු හුරැ ගතිය...
    මගේ හිතට ඇතිකලේ...
    හබල නම් උඹේ අතට...
    අළුත් දෙයක්..
    නොවන බව...

    ගැස්සෙන හැම වාරෙකම...
    ඔරොත්තු දෙන තරමට...
    ඔරැව පදම්වෙලා බව..
    පසක් කලා මගේ හිතට..
    මේ තියන..
    නිසල බව...

    වඩදියට බාදියට...
    දෙකට එකම විදියට...
    නොසැලී ඉන්නකොට...
    මගේ හිතට නම් හිතුනේ...
    මහා ලොකු රැළි වලට..
    අහුවෙලා තියනව වග...

    හුළං හමන අත..
    හරියටම දැනගෙන වේගය..
    තව තවත් දුර යන්න...
    හරවලා ඔරු බඳ...
    දකින කොට මම හිතුවා...
    ඔරුවේ ඇති පැරණි බව...

    තොටුපොල පෙනි පෙනී..
    මග නතර උනාම...
    වෙනස් උන තරමටම..
    මගේ හිතට නම් දැනුනා..
    කැළණි පාලම යටින්..
    පොල්ලෙල්ලක් ගිය බව....

    ReplyDelete