Monday, July 25, 2016

ආදර මගේ බිරිද

බිරිද මගේ ...,

වෙසක් මහේ එක දවසක
මටත් හොරා මගේ ලොවට
සතුට ගෙනා මගේ මැණික
නුඹයි මගේ කින්නරී....
තනුවක් නැති පද පෙලකට
අරුතක් දී ගීයක් කල
ඒ ගීයම අරුතක් කල
නුබයි මගේ සත්සරී.....,
කුරුටු ගාලා හැඩයක් නැති
අවුල් වෙච්ච ජීවිතයම
පාට දාලා සිත්තම් කල
නුබයි මගේ සිත්තරී.....,
පුoචි හිනා දෝරේ ගලන
රන් සමනලියක් ගෙනාව
මගේ ලොවම කවියක් කල
නුඹම තමයි කින්නරී...,

බිරිද මගේ නුඹ.

නෙත් අග තිබුනු රාගය දැන් නැහැ නිතර.
තිස්සෙම සොයන්නේ දූගේ කෙලි කවට.
සායම් ගිහින් වියලුණු නුබේ අමු දෙතොල.
මුමුනයි පුතුට රසකර නැළවිලි ගීත.
කෙහෙරැළි ඇවිත් සුළගේ දුන් ඒ මිහිර.
අද නැහැ කොන්ඩ කටුටික හිස් මුදුනේ තනිව.
මහ රෑටත් මගේ හිස නැළවූ උකුළ.
දරු දෙදෙනෙක් නළවයි අද වී සයන.
දරුවන් වදා වැහැරුණු මස වැඩි උදර.
දෑතත් මදි ගන්නට දැන් ඉග මහත.
බිම බැලුවත් කම්මැලි තිසරුන් යුගළ.
උඹ තාමත් මගේ හොද බිරිද.
සුදුමුදු ඇගිලි තුඩු මා ළය මත දිව්ව.
හැඩිදැඩි වෙලා වැඩ කරලම ගෙයි සොදින.
අහවර නැතිද වැඩ තාමත් අද මැණික.
උකුළට එන්න මගේ නිදිනම් දරු දෙපළ.

Sunday, July 24, 2016

සැමියෙකු නැති ළදුනේ

ළඳුනේ

ලෝකය නිර්මාණය වී තිබෙන්නේ, මව් කිරෙන් සහ හිරු එළියෙනැ යි කියමනක් තිබේ. මව, එනම් කාන්තාව ලෝකයේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක සාධකයක් බවට තවත් නිදසුන් කුමට ද? ජෛව ලෝකයේ නිර්මාපකයා හිරු වෙයි. ශාක ප්‍රභාසංශ්ලේෂණය මගින් ආහාර නිපදවීමේ සිට, ඛණිජ තෙල් ලබා ගැනීම දක්වා, ජෛව ගෝලයේ පැවැත්ම කෙරෙහි සූර්යාලෝකයේ දායකත්වය මහත් ය. යම් හෙයකින් සූර්යයා උදා නොවුණහොත්, පෘථිවිය මළ ග්‍රහ ලොවක් බවට පත්වනු නියත ය. මව, දරුවකුගේ ජීවිතයට වට හිරු කිරණක් වැනි ය. හිරු කිරණ පහස නොලත් බිම මළ ලොවක් වනු සේ ම, මව් සෙනෙහස නොලත් මිනිසාගේ ජීවිතය නිසරු දිවියක් වනු ඇත. ඇය මානව වර්ගයාගේ මැවුම්කරු වන්නී ය. දහසක් වේදනා සිනහවෙන් උසුලන්නිය වන්නී ය. ලෝකය ඉදිරියේ නොකළ වරදට වුව ගර්හාවට ලක් වන්නී ය. දෝෂ දර්ශනයට පාත්‍ර වන්නී ය. එහෙත්, දයාවෙන් ආර්ද්‍ර වූ හදවතින් ලෝකය සනසන්නී ද ඇය ම ය.
මේ සටහන තබන්නට මා මෙහෙයවූ ගීතයක් ඇත. මානව දයාවේ උච්චත ම තලය ස්පර්ශ කරන්නා වූ ගීතයක් ලෙස, එම ගීය හඳුන්වා දීමට රිසියෙමි.

ළඳුනේ ළඳුනේ
 ඔබේ දෑස දැක ගත්තෙමි
 සැඳෑ කලෙක ළඳුනේ
අභිසරු ලියකට ළඳුනේ යනුවෙන් දයාවෙන් ආමන්ත්‍රණය කරන හේ සැබෑ මානව වාදියෙකි. ගේය පද පෙලෙහි හිමිකරුවා වන ඔහු, රන්බණ්ඩා සෙනෙවිරත්න ය. මේ ගීය අමතන්නේ කා හට දැයි, එය රසවිඳ ඇති අපි සැවො ම හොඳින් දනිමු. සංගීතය, ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයාණෝ විසිනි. අමරසිරි පීරිස් සංගීතවේදියාණන් ගේ ළයාන්විත හඬ, හදෙහි ඇතුල් ගැබට පිවිස, ස්ත්‍රීත්වය සමාජය ඉදිරියේ ලබන්නා වූ ගර්හාවන් පිළිබඳ එහි ගොඩගැසී පවතින අනේකවිධ සංවේදී හැඟීම් පිරිමැද්දේ ය. වේදනා උසුලන, පෙලීමට ලක්වන, අසාධාරණය වුව සාධාරණය කොට භාර ගැනීමට බල කෙරෙන ගැහැණිය පිළිබඳව, කලක් තිස්සේ සිතෙහි එක් රැස් වී, පිට වෙන්නට පොරකමින් සිටි ආවේගය, ඒ හඬ විසින්, ගේය පද වැල විසින්, උත්තේජනය කෙරිනි.
ළඳුනේ මා අසා ඇති ආකාරයට, රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මේ ගීතය ලියා ඇත්තේ සැබෑ සිද්ධියක් ප්‍රස්තුත කර ගනිමිනි. රන්බණ්ඩා මහතාගේ මිතුරෙකු මහනුවර ප්‍රදෙශයේ පිහිටි බෝඩින් කාමරයක නවාතැන් ගෙන සිට ඇත. බෝඩිමේ සගයන් විසින් විනෝදාස්වාදය පිණිස කරගෙන ගිය එක්තරා පුරුද්දක්, ඔහුගේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇත. වැටුප් ලැබී, අත මිට හොඳින් සරු කාලයට අභිසරුලියක් බෝඩිමට ගෙන්වාගෙන ඇගෙන් සන්තර්පණය වීම, ඔවුන්ගේ අපූරු පුරුද්ද යි. සිය සගයන්ට වඩා වෙනස් ආකල්පයක් දැරූ මිතුරා, එම ක්‍රියාව පිළිකුල් කොට ඉන් ඉවත්වී ඇත. සිරිත් පරිදි එක්තරා දිනෙක, සගයන් පිරිස ගණිකාවක් නවාතැනට ගෙන්වා ගෙන, ඇගේ පහස ලැබූහ. පසු දිනය පොහොය දිනයකි. එදින සන්ධ්‍යාවේ පිරිස දළදා වඳින්නට ද පිටත් වෙති. වන්දනා ගමනෙහිදී හදිසියේ පිරිස ඇස ගැටුනේ, පෙරදින රැයේ තම ශරීරය තමන් වෙත විකිණූ කාන්තාවයි. පෙර දා රැය පුරා තම ඉඳුරන් සන්තර්පණය කළ ස්ත්‍රිය, බුදුන් හමුවට පැමිණ සිටියා ය. ඇය නොහඳුනන්නන් ලෙසින්, පිළිකුලෙන් සිය සගයන් ඇය මගහැර ඇගෙන් ඉවත් වූ ආකාරය දුටු රන්බණ්ඩා මහතාගේ මිතුරා, ඔහුගේ හෘදසාක්ෂිය විසින් කම්පනයට පත් කරන්නට ඇත.

ළඳුනේ ළඳුනේ
 ඔබේ දෑස දැක ගත්තෙමි
 සැඳෑ කලෙක ළඳුනේ
 දෙනෝදහක් අත ගත්ත ද
 සැමියෙකු නැති ළඳුනේ
 නෑයෙක් නෑකම නොකියන
 වීදි සරන ළඳුනේ
සැබවි. ලෝකය ඉදිරියේ ඇය වෛශ්‍යාවකි. දහස් ගණන් පිරිමින් සමග අපුලකින් තොරව ඈ යහන් ගත වන්නී ය. ඈ වෛශ්‍යාවක් බවට පත් කලෝ කවුරු ද? ඔහු ඇය හෘදයාංගම ව අමතන්නේය.

ළඳුනේ ළඳුනේ
 ඔබේ දෑස දැක ගත්තෙමි
2 ඇගේ දෑසෙහි වූ අයැදුම හේ හඳුනා ගත්තේ ය. ඇගේ රිදුම් දෙන හදවත හේ, ඔහු ගේ හදට සමීප කර ගත්තේ ය. ඇගේ හදවත ඔහුට කී කතාව ඔහුගේ හද සසල කළේය. ඇය බොහෝ පිරිමින් විසින් සරණ කරගනු ලැබුවා ය. නමුත්, ඇය භාර්යාවක් කොට ගෙන රක්ෂා කරනට සැමියෙකු නොලැබුවා ය. පිරිමින් ඇගේ අත ගත්තේ, තම කය පිනවා ගනු පිණිස එක් රැයකට පමණි. ඇයට නෑකම් කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. ඇය සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දී ය. ඇගේ හිසට සෙවණක් නැත. වීදිය ඇය නිවස කොට සිටින්නී ය.

තෙල් මල් ගෙන දෝත පුරා
 මුනි කුටියට පියමං වන
 ඔබේ දෑස දැක ගත්තෙමි
 සැඳෑ කලෙක ළඳුනේ
 බුදුන් දැක නිවන් දකිමැ යි
 දෙව්රම යන පාර අහන
 ඔබ ද පටාචාරාවකි ඔබ ද කිසාගෝතමියකි
වෙසඟනක ගේ දුක්ගැනවිලි ඇසීමට කවුරු ඉදිරිපත් වෙත් ද? ඈ සරණක් සොයා යන්නේ මුනි කුටියට ය. දළදා හිමි අභිමුවට ය. බුදු හිමියෝ කුලය, බලය හෝ නිලය නොසලකා උන්වහන්සේ හමුවට එන සියලු මිනිසුන්ගේ සසර ගිනි නිවා ලූ සේක. සැඩොලා ද, සිටුවරයා ද, නගර සෝභිනිය ද, රාජ මහාමාත්‍යාදීන් ද එක සේ දුකින් මුදා ලූ සේක. සිටු කුමරියක් වූ විශාකාවට ද, දරුවා මළ සොවින් කම්පිතව සිහි එළවා ගත නොහැකි වූ කිසාගෝතමියට ද, අසම්මත ප්‍රේමයක පැටලී සරණ ගොස් පුරුෂයා ද, දරුවන් ද, සිය පවුල ද අහිමි ව උන්මාදව, ඇඳි වත පවා නොමැති ව බුදුන් අභියස හඬාවැටුණු පටාචාරාවට ද දෙව්රම එකසේ විවෘත විය. රකිනු ලැබීමට සැමියෙකු නොලද, කිසිවෙකු විසින් නෑකම් නොකියන මෙම ස්ත්‍රිය නූතන පටාචාරාවක්, කිසාගෝතමියක් නොවන්නී ද?

පිරිමින් ගේ පාප කඳට
 දෝස විඳින ළඳුනේ
 අඳුරේ පව් කරන දනා
 එළියෙ රවන ළඳුනේ
 ළැම පමණක් ලොවට පෙනෙන
 ළය නොපෙනෙන ළඳුනේ
 කුහුඹුවකුට වරදක් නැති
 වැරදිකාර ළඳුනේ
දහසක් පිරිමින් ඇගේ පහස පතා එති. ඔවුන්ගේ ඉඳුරන් ඇගෙන් සන්තර්පණය කර ගනිති. රැයක් පාසා ඇය අතවරයන්ට ලක් වන්නී ය. සලෙලුන් අතින් අත යන්නී ය. ඔවුන්ට ඇය සිත් සේ පරිභෝග කළ හැකි කෙළි බඩුවකි. සිත් පිත් නැති, සංවේදන නොදැනෙන ගැහැණු කයක් පමණි. තම විවාහක බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් සොයා යන පුරුෂයා ගේ දොස් නොදකින ලෝකය, සියලු දෝෂාරෝපණයන් ස්ත්‍රිය මත ම පටවති. සලෙලුන් වෙත සිය සිරුර අලෙවි කරන ඈ, විවේචන වෙඩි වරුසාවකට ළය දෙන්නී ය. රාත්‍රී අඳුරට මුවා වී, ඇය සමග යහන් වැද කාමමිථ්‍යාචාරයේ යෙදෙන මිනිසුන් වෙතින් ඈ සැබෑ ලොවෙහි දී ඈ කාරුණික බැල්මකුදු නොලබන්නී ය. අසම්මතයේ හැසිරෙමින්, සම්මතයේ සුදනුන් ලෙස පෙනී සිටිමින් ඔවුහු ඈ හෙලා දකිති. කිසිඳු වරදක් නැතිවුහු මෙන් සුදන වෙසින් පව්කාරයාට ගල් ගසති. ලෝකය දුටුවේ ස්ත්‍රියගේ නිරුවත් ළැම පමණි. ඊට මුවා වූ, මව් ගුණයෙන් ද, දයාවෙන් ද ඉතිරුණු ඇගේ ස්ත්‍රී හදවත කිසිවෙකු හඳුනාගත්තේ නැත.
අතීතයේ මෙන් ම වර්තමානයේ ද කාන්තාව විඳින ගැහැට බොහෝ ය. ආගමික හා සමාජයීය වශයෙන් පනවන ලද සීමාවන්ට යටත් වෙමින් ද, සම්ප්‍රදායන්ට අනුකූල වෙමින් ද කාන්තාව ගත කරන ජීවිතය කටුක ය. විශේෂයෙන් ම ආසියාතික හා මැද පෙරදිග කන්තාව, පුරුෂ මූලික සමාජයක ජීවත් වෙමින්, ඔවුන්ට මෙහෙ කිරීමට ද, ඔවුන්ට දාව දරුවන් වැදීමට ද පමණක් සීමා වෙමින් ගෙවන දුෂ්කර දිවිය පිළිබඳ උදාහරණ කොතෙකුත් ඇත. මැද පෙරදිග කතක් වන වාරිස් ඩයිරි විසින් ඇගේ සැබෑ ජීවන තතු අළලා ලියන ලද, Desert Flower කෘතියේ එන ස්ත්‍රී චරිත මනඃකල්පිත දෝ යි සිතෙන තරමේ කෲර වදයන්ට ඔවුහු ලක් වෙති. අද මුළු ලොව ම කාන්තාවන් පිළිබඳ ව කතා කරන දිනය යි. එය දිනකට සීමා නොවිය යුතු ය. සෑම කාන්තාවක් ම මවක් වන්නී ය. ඇය බිරිඳකි, සොයුරියකි, දියණියකි. ලොව ජීවත් වන සියල්ලෝ ම ගැහැණියක ගේ කුසින් බිහි වී, ඇගේ කිරෙන් පෝෂණය වී, ඇගේ ආදරය මැද වැඩුණවුන් වෙති. කාන්තාවට හිමි ගරුත්වය ලබා දී, ඇය ආරක්ෂා කිරීම මානව ධර්මයන් මත ගොඩනැගුණු ශිෂ්ට සමාජයක වගකීම වන්නේ එ හෙයිනි.

දුව ගැන මිස(දුව සුබෝධි)

දුව ගැන මිස

බැස යන හිරු අහසින් හෙමි හෙමිහිට ඉවතට ඇදේ
සැඟවෙන එහි පාට වළා පෙළ අතරෙහි නෙත රැඳේ
ඉවතට පැන එසැණින් සිතුවිලි සිය දැහැනින් මිදේ
දුව හැර වෙන කිසිවකු ගැන සිතනට සිත ඉඩ නොදේ 

සිනා සිසී ඉඳ මා හා මුවගින් කෙල බේරන
ගිරා පැටී වගේ කියවා බසකින් නොම තේරෙන
ගසාගෙනම ඇඟිල්ල මුව සතුටින් හද බෝ වෙන
නිදා ගනී වඩාන මා ඇවිදින විට රෑ වෙන

බලා ගන්නෙ තනියෙන්මයි කරදර හෙම නොම කරයි
කියාගන්නෙ කෙලෙසින් සෙනෙහස සිත මතුයෙහි පුරයි
සිතා ඉන්නෙ මුළු දවසම සෙල්ලමටම මදි කියයි
පොවාගන්නෙ කුක්කු බිඳක් යන්තම් නින්දෙදි තමයි

දිරවගන්න බැහැ එකතැන ඉන්නෙක නම් මහ මෙරක්
සනසවන්න කිව යුතුවේ සින්දුම එකපිට ගොඩක්
ඇවිදගන්න එළියට පොඩ්ඩක් ඇත්තෙම නැහැ ඉඩක්
නැගිටගන්න බැරි එක මිස වෙන නම් නැහැ කිසි දුකක්

පෙරලි පෙරලි ඇඳ හැමතැන අම්මි සොයන් යනවාදෝ
සොයා තොත්තුවක් අම්මිට හිනා වෙලා දෙනවදෝ
නිවාඩුව අවසානයි තත්ති එක්ක යන්න එනවදෝ
හිච්චිකිතර ඇති තාමත් හනිකට ලොකු වෙනවදෝ

මල් නොපිපුණ සිත ළඟ දැන් සුන්දර මල් උයනෙකී
එන්නට ඇති හෙට ගැන සිත නලියන සුබ පැතුමෙකී
සිව් බඹ විහරණ පිළිසිදි තුන්සිත සෙත් කවියෙකී
පියපදවිය ලැබුවෙමි තවමත් එය මට සිහිනෙකී !
.

ඇම්ඩගේ විහිලු කතාවක්

සිංහයා
ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.
“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.
දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.
ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.
”අයිය මම බඩුවක් අහන්නද?”
“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.
“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා
“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා

මෛත්‍රී බුදුන් පහල වීම

( මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )
මෛත්‍රී බුදුන් පහලවන කාලය
මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.
උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.
මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)
මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.
මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.
අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.
මෙලොව පහළ වීම.
සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.
අභිනිෂ්ක්‍රමණය
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.
මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )
එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.
දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.
ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.
තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.
අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.
සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.
“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”
ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.
මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.
මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.
මෙම ලිපිය කියවූ ඔබ ලිපිය වැදගත් කියා සිතනවානම් යාලුවන්ටත් මේ ලිපිය කියවන්න දෙන්න

ආදරය යනු

image
ඔයා ආදරය කරනවද…….
කොච්චරක්ද?????
මම දෙයක් කියන්නද…..ඒක විශ්වාස කරනවද……
එහෙනම් අහන්නකෝ….
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්…..
ඒත් මතක තියාගන්න……
ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
ආදරය කියන්නේ….
එකිනෙකාව තේරුම්ගැනිම. .
එතකොටයි ඔයාගේ ආදරේ සාර්ථක වෙන්නේ….
මම මුලින්ම කිව්වා මතකද ආදරය කියන්නේ….ගණුදෙනුවක් නෙමේ කියලා…..ඒ ඇය් දන්නවද…..අපි කෙනෙකිට අිදරය කරනවානම් ඒ කෙනාගෙනඓ් ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන් එපා….ඒකට අපිට අයිතියක් නෑ….
ආදරය කරන්න…ඒ ආදරය ගැන විශ්වාසයක් තියන්……
එතකොට ඒ ආදරය අනිවාර්යෙන්ම සාර්ථක වෙයි….
ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ….අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
අපේ විශ්වාසය මතයි…..
ඉතින් විශ්වාස කරන්න ඔයාගේ ආදරය….
ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……
එතකොට ඔයාගේ ආදරය සාර්ථක වෙයි

දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?

පාරේ යන හැම වාහනයකම සද්දේ අහගෙන හිටියා. ජෝඩන් දැන් එයි දැන් එයි කියලා හිතුවා. පුතා ගෙදර එන්න ඕන වෙලාව පහු වෙලා. එයා මේ පරක්කු වුණු තුන්වෙනි වතාව. ‘මේ ළමයා කොහෙද, කරදරයක්වත් වෙලාද, අපි එයා ගැන කොච්චර හිතනවද කියලා එයා දන්නවාද’ කියලා මම හිතුවා. පුතා පරක්කු වෙලා ආවාම මගේ කේන්තිය ඉහවහ ගියා.”—ජෝර්ජ්.

“දුව එකපාරටම යටිගිරියෙන් කෑගැහුවා. මම හොඳටම බය වුණා. හැරිලා බලද්දී දුව ඔළුව අල්ලගෙන හයියෙන් අඬනවා. චූටි පුතා එයාට ගහලා. පුතාට අවුරුදු හතරයි.”—නිකෝල්.

“අපේ දුව නැටලිට අවුරුදු හයයි. ‘මං මුද්ද හොරකං කළේ නෑ. මට ඒක හම්බ වුණා’ කියලා දුව කිව්වා. එයාගේ නිල් පාට ඇස් දෙකේ තිබුණේ අහිංසක පෙනුමක්. එයා මුද්ද ගත්තෙම නෑ කියලා කියද්දී අපිට ගොඩක් දුක හිතුණා. අපිට ඇඬුණා. එයා කියන්නේ බොරු කියලා අපි දන්නවා.”—ස්ටීවන්.

දෙමව්පියන් හැටියට ඔබට ඒ අයගේ හැඟීම් තේරෙනවාද? ඒ වගේ තත්වයන්ට ඔබ මුහුණ දුන්නා නම් දරුවාව හික්මවන්නේ කොහොමද, හික්මවන්න ඕනමද කියලා කල්පනා කරලා ඇති. දරුවන්ව හික්මවන එක වැරදිද?

හික්මවනවා කියන්නේ මොකක්ද?

බයිබලයේ “හික්මවනවා” කියන වචනයෙන් අදහස් කරන්නේ දඬුවම් කරනවා කියන එක නෙමෙයි. ඒකට උපදෙස් දෙන එක, දැනුවත් කරන එක සහ නිවැරදි කරන එක ඇතුළත්. ඒත් කුරිරු විදිහට සලකනවා කියන එක නම් අදහස් වෙන්නේ නැහැ.—හිතෝපදේශ 4:1, 2.
වගා කරන කෙනෙක් පස සකස් කරනවා. පැළේට වතුර, පොහොර දානවා විතරක් නෙමෙයි කෘමීන්ගෙන් හා වල් පැළෑටිවලින් පැළේ ආරක්ෂා කරනවා. ඒක ටිකෙන් ටික වැඩෙද්දී අතු රිකිලි කපලා හරි අතට වැඩෙන්න සලස්වනවා. ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරන්නේ පැළේ සරුවට වැවෙන්නයි. දෙමව්පියන් දරුවන්ට දෙන හික්මවීමත් ඒ වගෙයි. දෙමව්පියනුත් දරුවන්ට හුඟක් පැතිවලින් උපකාර කරනවා. සමහර අවස්ථාවලදී පැළයක අතු රිකිලි කපනවා වගේ යම් යම් හික්මවීම් දෙනවා. එහෙම කරන්නේ දරුවන්ගේ වැරදි සිතුවිලි හා නැඹුරුවාවන් මුල් කාලයේදීම අයින් කරලා ඔවුන්ව හරි මාර්ගයේ යන්න පුහුණු කරන්නයි. පැළේට හානියක් නොවෙන විදිහට පැළයක අතු රිකිලි කපන්න ඕන වගේ දරුවන්ව හික්මවන්න ඕනෙත් ප්‍රේමණීයවයි.
යෙහෝවා දෙවියන් දෙමව්පියන්ට කදිම ආදර්ශයක්. දෙවියන් තම සෙනඟට දෙන හික්මවීම් මොන තරම් ප්‍රයෝජනවත්ද කියනවා නම් ඔවුන් “හික්මවීමට ප්‍රිය” කරනවා. (හිතෝපදේශ 12:1) ඒ “උපදෙස් හා හික්මවීම් හදවතින්ම” පිළිගන්න නිසා ඔවුන් ‘කිසිදා ඒවා අත්හරින්නේ නැහැ.’ (හිතෝපදේශ 4:13) ඔබේ දරුවාත් ඔබ දෙන හික්මවීම් පිළිගන්න නම් ඔබත් දෙවියන් හික්මවීම් දෙන විදිහ අනුකරණය කරන්න ඕනේ. ඒක කරන්න ප්‍රයෝජනවත් වෙන කරුණු 3ක් බලමු. (1) ප්‍රේමණීය වෙන්න. (2) සාධාරණ වෙන්න. (3) කියන දේ කරන්න.

 ප්‍රේමණීය වෙන්න

යෙහෝවා දෙවියන් හික්මවන්නේ ප්‍රේමය නිසයි. බයිබලයේ මෙහෙම කියනවා. “පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.” (හිතෝපදේශ 3:12) ඒ වගේම දෙවියන් “දයාන්විත, කරුණාවන්ත හා කෝප වීමට ඉක්මන් නොවන” දෙවි කෙනෙක්. (නික්මයාම 34:6) ඒ නිසා දෙවියන් කවදාවත් කුරිරු විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඔහු කෙනෙක්ව දිගටම විවේචනය කරන්නෙවත් හිත රිදෙන වචන කියන්නෙවත් නැහැ. මොකද ඒවායින් “කඩුවෙන් අනින්නාක් මෙන්” වේදනාවක් ඇති වෙනවා.—හිතෝපදේශ 12:18.

අම්මා කෙනෙක් ඉවසීමෙන් දුව කියන දේ අහගෙන ඉන්නවා

සවන් දෙන්න
දෙවියන්ට තරම් දෙමව්පියන්ට ඉවසීමක් නැති එක ඇත්තයි. සමහර අවස්ථාවලදී ඔබේ ඉවසීමේ සීමාව පනින අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ දරුණු විදිහට දඬුවම් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අනික් අතට තරහෙන් දෙන දඬුවමක් හික්මවීමක් නෙමෙයි. ඔබ එහෙම කරන්නේ ඔබවම පාලනය කරගන්න බැරි නිසයි.
ඒත් ප්‍රේමය හා ආත්ම දමනය ඇතුව හික්මවීම් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන බොහෝයි. ලිපිය ආරම්භයේ සඳහන් කරපු ජෝර්ජ් හා නිකෝල් කාරණය හැසිරුව විදිහ බලන්න.

ආදරණීය තාත්තා කෙනෙක් පුතා එක්ක යාච්ඤා කරනවා

යාච්ඤා කරන්න

“ජෝඩන් පරක්කු වෙලා ගෙදර ආපු වෙලේ අපි දෙන්නා හිටියේ පුදුම කේන්තියකින්. ඒත් අපි පුතා නිදහසට කියපු දේවල් ඉවසීමෙන් අහගෙන හිටියා. ගොඩක් රෑ වෙලා නිසා අපි ඒ ගැන පහුවෙනිදාට කතා කරන්න තීරණය කළා. පස්සේ අපි තුන්දෙනා යාච්ඤා කරලා නිදාගන්න ගියා. පහුවෙනිදා අපේ කේන්තිය නිවිලා තිබුණු නිසා පුතාට කාරණා තේරුම් කරලා දෙන්න අපිට ලේසි වුණා. පුතාත් එයාගේ වැරැද්ද පිළි අරං හික්මවීම පිළිගත්තා. කේන්තියෙන් ඉද්දී කරන දේවල් සාර්ථක වෙන්නේ නෑ කියලා අපිට තේරුණු එක ලොකු දෙයක්. මුලින්ම ඇහුම්කන් දෙනවා නම් අපි ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා.”—ජෝර්ජ්.

සැලකිලිමත් අම්මා කෙනෙක් දුවට කරුණු කාරණා පහදලා දෙනවා

කතා කරන්න

“දුවට පුතා ගහලා කියලා දැක්කම මට හොඳටම තරහ ගියා. ඒ වෙලාවේ හරි තීරණයක් ගන්න බැරි නිසා මම පුතාට කාමරේට යන්න කිව්වා. චණ්ඩි වැඩ කරන එක කොච්චර බරපතළද කියලත් අක්කාට ඒක කොච්චර වේදනාවක්ද කියලත් මම සන්සුන් වුණාට පස්සේ පුතාට පැහැදිලි කළාම පුතා අක්කගෙන් සමාව ඉල්ලලා එයාව ආදරයෙන් බදාගත්තා.”—නිකෝල්.
හික්මවීමක් හැමවිටම දෙන්න ඕන ප්‍රේමය නිසයි.

සාධාරණ වෙන්න

යෙහෝවා දෙවියන් හැමවිටම හික්මවීම් දෙන්නේ “සුදුසු ප්‍රමාණයටයි.” (යෙරෙමියා 30:11; 46:28) ඔහු හැම කාරණයක් ගැනම සැලකිලිමත් වෙනවා.  දෙමව්පියන්ට ඔහුව අනුකරණය කරන්න පුළුවන් කොහොමද? ලිපියේ මුලින් අදහස් දක්වපු ස්ටීවන් මෙහෙම කියනවා. “නැටලී මුද්ද ගත්තෙම නැහැ කියලා කිව්වේ ඇයි කියලා අපිට තේරුණේ නැහැ. අපිට ගොඩක් දුක හිතුණත් එයාගේ වයස ගැනයි එයාට තේරුම්ගන්න පුළුවන් තරම ගැනයි අපි හිතුවා.”
නිකෝල්ගේ ස්වාමිපුරුෂයා වන රොබට් කරන්නෙත් එහෙමයි. දරුවන් අතින් වැරැද්දක් වුණාම හැම කාරණයක් ගැනම සැලකිලිමත් වෙනවා. එයා මෙහෙම හිතනවා. ‘මීට කලින් දරුවා මේ වගේ දෙයක් කරලා තියෙනවාද? නැත්නම් මේක පළවෙනි වතාවද? දරුවා මෙහෙම හැසිරෙන්නේ මහන්සි නිසාද අසනීපයක් නිසාද නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසාද?’
සාධාරණව හිතන දෙමව්පියෙක් දරුවන් වැඩහිටියන් නෙමෙයි කියලා තේරුම්ගන්නවා. බයිබල් ලේඛකයෙක් වන පාවුල් කිව්වෙත් ඒ වගේ දෙයක්. “මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය.” (1 කොරින්ති 13:11) රොබට් මෙහෙම කියනවා. “දරුවන් මොනවා හරි කළාම මං මගේ පොඩි කාලේ මතක් කරගන්නවා. එතකොට ඕනෑවට වඩා කලබල නොවී ඉන්න මට පුළුවන්.”
සාධාරණ වෙන්න ඕන වුණත් දරුවන් කරන වැරදි හා ඔවුන්ගේ වැරදි ආකල්ප අනුමත කරන්න හොඳ නෑ. ඒ නිසා දරුවාගේ හැකියාවන්, සීමාවන් හා තත්වයන් තේරුම්ගත්තොත් ඔබ දෙන හික්මවීම සාධාරණ එකක් වෙයි.

කියන දේ කරන්න

“මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මලාකි 3:6) ඒ සත්‍යය දැනගෙන ඉන්න එක දෙවිගේ සේවකයන්ට ආරක්ෂාවක්. දෙමව්පියනුත් යමක් කිව්වොත් ඒක කරනවා කියන නිසැකකම දරුවන්ට තියෙන එක ආරක්ෂාවක්. ඔවුන් හිතෙන හිතෙන වෙලාවට නීති වෙනස් කරනවා නම් දරුවන්ට ඒක ලොකු ගැටලුවක්.
යේසුස් මෙහෙම කිව්වා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.” (මතෙව් 5:37) ඒ උපදෙස දෙමව්පියන්ටත් අදාළයි. ඔබ දඬුවමක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දඬුවමක් දෙනවා කියලා කියන්න කලින් දෙපාරක් හිතන්න. දරුවෙක්ගේ වරදකට දඬුවම් කරනවා කිව්වොත් දඬුවම් කරන්න.
දරුවන්ව හික්මවද්දී දෙමව්පියන් අතර හොඳ අදහස් හුවමාරුවක් තියෙන්න ඕනේ. රොබට් ඒ ගැන මෙහෙම කියනවා. “මගේ භාර්යාව එපා කියලා කියපු දේකට ළමයි සමහර වෙලාවට මගෙන් අවසර ඉල්ලනවා. මම දන්නේ නැතුව කැමැත්ත දුන්නත් දැනගත්තාට පස්සේ මං තීරණය වෙනස් කරනවා.” දරුවන්ගේ කාරණයක් ගැන දෙමව්පියන් වෙනස් මත දරනවා නම් දරුවන් නැති තැන ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්න එක හොඳයි.

හික්මවීම අත්‍යවශ්‍යයි

යෙහෝවා දෙවියන් දෙන හික්මවීම් සාධාරණයි, ප්‍රේමණීයයි. ඒ වගේම කියන දේ කරනවා. දෙමව්පියෙනි ඔබත් දෙවියන් හික්මවන විදිහට හික්මවීම් දුන්නොත් ඔබේ දරුවන් ප්‍රයෝජනයක් ලබයි. ඔබ ප්‍රේමණීයව අවශ්‍ය මඟ පෙන්වීම් දෙනවා නම් දරුවන් දැනුම් තේරුම් ඇති, වගකීමෙන් වැඩ කරන, සාධාරණව හිතන වැඩිහිටියන් වෙයි. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

බයිබලයේ සඳහන් හික්මවීම . . .

1.ප්‍රේමණීයයි: හික්මවීම සාර්ථක වෙන්න ප්‍රේමයෙන් හික්මවනවා. කේන්තියෙන් හික්මවන්නේ නෑ. හසුරුවන්න අමාරු තත්වයක් නම් කේන්තිය නිවෙනකම් ඉන්නවා.

2.සාධාරණයි: හැම කාරණයක් ගැනම සැලකිලිමත් වෙනවා. දරුවාගේ හැකියාවන් හා සීමාවන් තේරුම්ගන්නවා.

3.කියන දේ කරයි: දරුවෙක්ගේ වරදකට දඬුවමක් දෙනවා කිව්වොත් ඒක ක්‍රියාත්මක කරනවා.

වැඩි විස්තර
යොවුන් දරුවව හික්මවද්දී
හික්මවීමකින් කෙරෙන්නෙ දරුවට යමක් ඉගැන්වීමයි. මුරණ්ඩු නොවී කීකරු වෙන විදිහ දරුවට උගන්වන්න බයිබල් උපදෙස් ඔබට උදව් වෙයි.

මෙය බයිබල් පාඩම් වලින් උපුටා ගන්නා ලද්දකි

දමිල කිවිඳියකගේ අතට තුවක්කුව හුරුවු හැටි සත්‍ය කතාව

2012 ජනවාරි මස 08 12:07:08 /

 ලංකාදීප කර්තෘ මණ්ඩලය       

  යුද පුහුණුව ලැබීමේ ඇගේ තීරණය ගැන ඇය හමුවූ එල්ටීටීඊ නායකයන් පවා කණගාටුව ප‍්‍රකාශ කළේය. එයට එක හේතුවක් විය හැක්කේ කටුක ගරිල්ලා ජීවිතයට ඔරොත්තුදීමේ ඇගේ හැකියාව පිළිබඳව ඇතිවූ සැකය  විය හැකිය. දක්ෂ තරුණ ගැහැණු ළමයකු පාසලින් ඉවත් කරගෙන ඇය සන්නද්ධ සටන්කාරියක ලෙස බලවත් අනතුරකට ලක් කිරීමට තිබෙන සැබෑ නොකැමැත්ත ද තවත් හේතුවක් විය හැකිය.
පළමුවරට ඇය එල්ටීටීඊයේ එස්. ඩබ්ලිව්.  ශිෂ්‍ය සංවිධානයට මුලින්ම බඳවාගත් මුරලී ඇය යුද පුහුණුවට බඳවා ගැනීමට අදිමදි කළේය. දේශපාලන කොමිසාර් තිලීපන් ඇගේ තීරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමටත් වසර දෙකට පසු තම තීරණය ගැන නැවත සලකා බැලීමටත් ඇය පොලඹවා ගැනීමට ඔහු දැඩි උත්සාහයක් දැරීය. සාපේක්ෂ වශයෙන් වරප‍්‍රසාද සහිත පසුබිමකින් පැමිණ ඇය වැන්නියකට සන්නද්ධ ගරිල්ලා භටයකුගේ කටුක දුෂ්කර ජීවිතයට හුරුවිය හැකිවේ දැයි ඇය පළමුවරට හමුවූ අවස්ථාවේදී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ද ප‍්‍රශ්න කළේය.
ශර්මිලාගේ පිටස්තර පෙනුම වුවමනාවටත් සහ ජීවන ක‍්‍රමය ගැන දක්නා ඇය හදුනා  සිටි බොහෝ දෙනා එල්ටීටීඊ යුද පුහුණුව ලැබීමේ ඇගේ තීරණයට අකමැත්ත ප‍්‍රකාශ කළ බව පෙනෙන්නට තිබිණි.
අධිෂ්ඨානය
තම අධිෂ්ඨනාය මගින් මේ සියලූ දෙනා අතර තම තීරණය තහවුරු කිරීමට ෂර්මිලාට හැකිවිය.
පසුගිය සතිවල මම ඇය ගැන වැඩි වැඩියෙන් තොරතුරු එකතු කළෙමි. ඇගේ පංතියේ ඉගෙනුම ලැබූ බොහෝ දෙනාට ඈ ගැන  හොඳ මතකයක් තිබූ අතර ඈ සම්බන්ධ විශේෂ තොරතුරු දැන සිටියහ. මා ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මගින් ”දෙමළ කොටි කත” ලේඛිකාව යාපනයේ ඉගෙනගත් කාලය සම්බන්ධයෙන් පැහැදිලි අදහස් ඇති කරගත හැකිය.
මේ අවස්ථාවේ ෂර්මිලා නමින් මා විසින් හඳුන්වනු ලබන ඇය භාෂා ඉගෙනීමට කැමැත්තක් දැක්වූ අතර කලා නිර්මාණවලට දක්ෂතාත් පෙන්නුම් කළාය. යාපනයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක වශයෙන් සිටියදී ඉංග‍්‍රීසි සහ දෙමළ යන භාෂා දෙකටම පංතියේ වැඩිම ලකුණු  ලබාගත්තේ ඇයයි. භාෂා දෙකෙහි කථික, රචනා, කවි සහ අත් අකුරු තරගවලින් ඇය තෑගි දිනා ගත්තාය.   එමෙන්ම නාට්‍ය රචනා කල ශර්මිලා එවායේ රඟපැමද කළාය.ඇය රඟපෑ එක් නාට්‍යයක් යාපනය විශ්වවිද්‍යාලයේද වේදිකා ගත විය. පාසලේ ඇයගේ  හොඳම යෙහෙළියක් වුයේ අජන්තා (ඇය සමග එල්ටීටීඊයට සම්බන්ධ විය) සහ දැන් උතුරු  ඇමරිකාවේ ජීවන්වන  ෂෙරීනාය.
ඇයගේ පංතියේ පැරණි මිතුරියන්ට මතක තිබෙන එක් සිදුවීමක් නම් යොලන්දේ (දැන් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ විදුහල්පතිනි) නම්  දෙමළ ගුරුතුමිය සමග ඇය විවාද කිරීමයි. ගැටුම ඇතිවූයේ කාම්බාර් විසින් ලියන ලද රාමායනම් කෘතිය පිළිබඳවය. එය පිළිබඳව යොලන්දේ සොයුරියගේ ඉගැන්වීම්වලට ”ෂර්මිලා” විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ කාම්බාර් සම්බන්ධයෙන් වෙනස් අර්ථකතනයක්  ලබා දෙමිනි.
”භාරතියර්” ලෙස සාමාන්‍යයෙන් හදුන්වනු ලබනු සුබ‍්‍රමනියම් භාරතී නම් දෙමළ කවියා කෙරෙහිද  ”ශර්මිලාගේ භක්තියක් තිබිණි. දෙමළ  ජනයා ගැන දෙමළ ජනයා සහ ඉන්දියාව ගැන ඉන්දියාවේ නිදහස ගැන සුබ‍්‍රමනියම් භාරතියර් ගායනා කළේය.  ස්ත‍්‍රීන්ගේ විමුක්තිය පිළිබඳවද ගායනා කළ ඔහු නිදහස ලැබූ ස්ත‍්‍රිය හදුන්වනු ලැබුවේ ”පුතුමයිපෙන්” හෙවත් නවීන ස්ත‍්‍රිය වශයෙනි.
පුතුමයිපෙන්
භාරතියර්ගේ ඉගැන්වීම් අනුව හැඩ ගැසුණු ශර්මිලා තමන් පුතුමයිපෙන් කෙනෙකු හෙවත් නවීන ස්ත‍්‍රියක් ලෙස සලකමින් නිවසේදී ඉවුම් පිහුම් ඉගෙන ගැනීම මුරණ්ඩු ලෙස ප‍්‍රතික්ෂේප කළාය. ඇය දෙමළ භාෂාවෙන් කවි හා කෙටි කතා ලියුවාය. ඇගේ  විශේෂිත පුරුද්දක් ගැන ඇතැම් මිතුරියන්ගේ මතකයේ ඇත. අවසන් නොකල  කෙටි කතාවක් ලියන ඇය එය පංතියේ මිතුරියකට ලබා දෙමින්  එයට අවසානයක් ලියන ලෙස ඉල්ලා සිටියි. පසුව ඒ සියල්ල කියවන ඇය හොඳම අවසානය තෝරා ගත්තීය.
ඇගේ සමකාලිනයන් බොහෝ දෙනකුගේ මතකයේ රැඳුණු තවත් දෙයක් නම් ඇගේ අත් අකුරුයි. ඒවා ඉතාමත්ම ලස්සනයි. ඇය කළ තව දෙයක් නම්  දෙමළ කවි ලියා නිර්නාමිකව  ඒවා එල්ටීටීඊය පවත්වාගෙන ගිය යෝජනා චෝදනා පෙට්ටිවල බහාලීමයි. එකල සිටි කොටි සාමාජියන්ට මේ ලියන තැනැත්තා තැනැත්තිය සොයා ගැනීමට විශාල ලෙස මනස වෙහෙසන්නට සිදුවිය. අවසානයේ ඇය හදුනාගත හැකිවූයේ ඇයගේ සුවිශේෂ සිත් ඇද ගන්නා අත් අකුරුවලින්ය. ඇය ලියූ එක් කවි පංතියකින් කියැවුණේ මියගිය හමුදා භටයන්ගේ සිරුරු යාපනය කොටුවේ රැඳී සිටි හමුදාවට එල්ටීටීඊය විසින් භරදෙනු ලැබීම පිළිබඳවය.
ඇගේ කවි  සටහන් කළ රතුපාට සටහන් පොතක් ඇය සතුව තිබිණි. ඊපීආර්එල්එෆ් සංවිධානයේ සිටි දුර නෑයකු අතටදී තිබු මෙම රතු සටහන් පොත් එල්ටීටීඊයේ  අතට පත්වූයේ එල්ටීටීඊය ඊපීආර්එල්එෆ්  සංවිධානයට පහරදුන් අවස්ථාවේදීය. පසුව කොටි කඳවුරකට පහරදුන් ඉන්දියානු හමුදාව රතුපාට කවිපොත අත්අඩංගුවට ගත්තේය. තමිල්නාඩුවෙන් පැමිණ ඉන්දියානු හමුදා නිලධාරියකු අතට පත්වූ එම පොත් පිළිබඳව ඔහු ඉතාමත් අගය කළේය.
ශර්මිලා කුඩා කාලයේදී ඉතාමත් ප‍්‍රියකල දෙයක් නම් ”අම්බුලිමාමා” ළමා සඟරාව කියැවීමයි. එත් ඇය වඩාත් ප‍්‍රිය කළේ වික‍්‍රමදිත්‍ය-වේතාලම්  කතා මාලාවටයි. තරුණ කාලයේ ඇය නොයෙක් ආකාරයේ දෙමළ සඟරා  කියැවුවාය. එකල ඇයගේ ප‍්‍රියතම දෙමළ ලේඛකයා වූයේ අත්භූත සහ  සහ ත‍්‍රාසජනක කතා පිළිබඳව විශේෂ දක්ෂතා පෙන්වු පුට්ටුක් නොවෙයි ප‍්‍රභාකර්ය.
දෙමළ කෙටි කතා ලේඛිකාව ඉංග‍්‍රීසි කතා කියැවීමට ද එතරම්ම කැමැත්තක් දැක්වූවාය. හර්ජ්ගේ ටින්ටින් ගේවික‍්‍රම සහ එනිඞ් බලයිටින් ගේ  කතාපොත් වැනි දෑ කියැවීමට ළමා කාලයේ ඇය ප‍්‍රිය කළාය. එනිඞ් බලයිටන්ගේ ඇගේ ඉතාමත් ප‍්‍රියකළ පොත් වූයේ ”ප‍්‍රසිද්ධ පස්දෙනා”  කතා මාලායි. වීර වික‍්‍රමාන්විත ක‍්‍රියා ගැන කුඩා කාලයේ  ඇය ප‍්‍රිය කළ බව  පෙනෙන්නට ඇත. පසුකාලයේ ඇගේ ඇල්ම වඩාත් ගැඹුරු පොත පත කෙරෙහි ඇදී ගියේය.
කැමති දේ
ගායනය, නැටුම් සහ සංගීතයද ෂර්මිලාගේ විවිධ  වූ ආශා අතර වීය. ඇයගේ පළමු භාරත නාට්‍ය ගුරුවරිය වූයේ ඥානාමනි චෙල්ලයියාය. පසුව එම තැනට පත්වූයේ විනීතා ස්වාමි පිල්ලේය. යාපනයේ වීරසිංහම් ශාලාවේ සංදර්ශන පවත්වා ඇති  ශර්මිලා කොටින් හා එක්වන මොහොත වනවිට පළමු අරන්ගේත‍්‍රම් හෙවත් ප‍්‍රසිද්ධ නැටුමට සූදානම් වෙමින් සිටියාය.
සංගීතයට ප‍්‍රියකළ ශර්මිලාට පියානෝව වයලීනය, පියානෝ එකොඩියනය, ගිටාරය සහ වීණා වාදනය කිරීමේ හැකියාව  තිබිණි. ගායන හැකියාව හොඳින් තිබු ඇය සුප‍්‍රසිද්ධ ගායක තිලගනායගම් පෝල්ගෙන් කර්ණාටක  සංගීතය ඉගෙන ගත්තාය.
යාපනයේ බොහෝ ගැහැණු ළමයින් මෙන්ම ඇයද දෙමළ සිනමා සංගීතය ඇසීමට කැමැත්තක් දැක්වූ අතර සංගීතඥ ඉලයාරාජාට තදින් ඇලූම් කළ අතර කේ. වී. මහාදේවන්ට සහ එම්. එස්. විශ්මනාදන්ට ප‍්‍රිය කළාය. ඇයගේ ප‍්‍රියතම නිළිය ශ්‍රීදේවිය. ඇය බටහිර සංගීතයට ඇලූම් කළාය. ඇගේ පරම්පරාවේ බොහෝ දෙනකුගේ මෙන්ම ඇගේද දෙවියා වූයේ මයිකල් ජැක්සන්  බව කිවයුතු නැත. ඇය පි‍්‍රයකළ රික් ඇස්ලේ,  ග්ලෙන් මෙඩියරොස් සහ පිල් කොලින්ස්ගේ ගීත ගායනයට ඇය හුරුව සිටියාය. එනේම ඇබා කණ්ඩායමටද ඇය ප‍්‍රිය කළාය.
වයි. එම්.සී.ඒ. හි තරගවලින් ශර්මිලා ඉතා සාර්ථක වූයේ තනි ගායන අංශයේදී ජෝර්ජ් බේකර්ගේ  ”උනා පාලොම් බ්ලන්කා” ගීතය ගායනා කරමින් පලමු ස්ථානය දිනා ගැනීමෙනි. ඇය  ප‍්‍රධාන ගායිකාව  ලෙස සිටි  කණ්ඩායම එම තරගයේදීම කණ්ඩායම් තරග ත්‍යාගය  දිනා ගත්තේ ඇබා කණ්ඩායමේ ”ටු ඔන්” ගීතය ගායනා කරමින්ය. පාසලේ සහ පල්ලියේ ගීතිකා ගායනා කරමින්ය. පාසලේ සහ පල්ලියේ ගීතිකා කණ්ඩායම්වලද ඇය ගායනයේ යෙදුනාය.
සංගීතය ගායනය, නැටුම් කවි සහ නාට්‍ය ගැන උනන්දුව හැරුණු විට චිත‍්‍ර ඇඳීමේ හැකියාවද  ඇය සතුව තිබූ අතර ඇගේ ඇතැම් චිත‍්‍ර පාසල් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදී  ප‍්‍රදර්ශනය කෙරෙයි.
ෂර්මිලාට තිබූ සිය සාහිත්‍ය කලා ආශා වෙන් නොව ඇය ක‍්‍රීඩා කටයුතුවලදී ඉදිරියෙන් සිටියේ නැත. ඇගේ මිතුරිය අජන්තී පාසල් දැල් පන්දු කණ්ඩායම නියෝජනය කළාය. එසේ වුවද ශාරීරික අභ්‍යාස තරඟවලදී කනිෂ්ඨ අංශයේද ජේෂ්ඨ අංශයේද නායිකාව වූ ශර්මිලා වරෙක ඇගේ වයස් කාණ්ඩයෙන් දිස්ත‍්‍රික් ඇවිදීමේ තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තාය.
දෙමළ  කෙටි කතා ලේඛිකාව ක‍්‍රිකට් ලෝලිනියකද වූවාය. අසල්වැසි නිවෙස්වල ළමයින් සමග ක‍්‍රිකට් සෙල්ලම් කිරීමට ඇය පුරුදුව සිටියාය. ශර්මිිලා  ඉතා තදින් ඇලූම් කළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  වූයේ  ඕස්ටේ‍්‍රලියාවේ ඩෙනිස් ලිලී, එංගලන්තයේ ඉයන් බොතම්, ඉන්දියාවේ චෙතන් ශර්මා, බටහිර ඉන්දීය කොදෙව්හි විවියන් රිචඞ්ස් සහ ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලයි.
පියාඹන පරවියා
තනිව හෝ දෙදෙනකු ලෙස හෝ කණ්ඩායම් වශයෙන් බයිසිකල් පදින ගැහැණු ළමයින් ඒ දිනවල යාපනයේ සුලභ දර්ශනයකි. දෙමළ කෙටි කතා කතුවරියද තනිව මෙන්ම ඇගේ යෙහෙලියන් සමග බයිසිකල් පැදීමට පුරුදුව සිටියාය. ඇය සතුව  ප්ලයින් පිජන් (පියාඹන  පරවියා) වර්ගයේ බයිසිකලයෙන් පාසල් යාමට, මෙන්ම ”රොලෙක්ස්” හෝ ”සුභාෂ්” වැනි ආපන ශාලාවකට ගොස් ඇතුරුකෑම හෝ අයිස්ක‍්‍රීම් කෑමට ශර්මිලා පුරුදුව සිටියාය.
ශර්මිලාත් ඇගේ මිතුරිය අජන්තීත් බල්ලන්ට ප‍්‍රිය කළහ. ස්වාර්ට්ස් පටුමගේ සිටි අජන්ති සතුව රෝසී නමින් පොමනේරියන් වර්ගයේ බල්ලෙකු සිටියේය. අවාසනාවන්ත ලෙස පොල් ගෙඩියක් ඇඟට වැටීමෙන් ඌ මිය ගියේය. රකා පටුමගේ ජීවත්වූ ශර්මිලා සතුව පොමනේරියන් බලූ පැටවුන් තිදෙනෙක් සිටියෝය. ඉන් එකකු ස්කෑම්පර් ලෙස නම්කොට තිබුනේ එනියඞ් බලයිටන්ගේ රහසිගත හත්දෙනා කතාවල සිටින බල්ලකුගේ නමින්ය. අනෙක් දෙදෙනා නම් කොට තිබුණේ බෲනෝ සහ රෙමෝ වශයෙනි. එම නම් දෙක සොයා ගත්තේ ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ පාසල් සඟරාවෙනි.
මා විසින් ”ශර්මිලා” ලෙස නම් කරනු ලැබූ ගැහැණු ළමයාට යාපනයේ පිරිමි ළමයින් නමින් පට බැඳ තිබිණි. ඔවුන් ඇයට හදුන්වන ලද්දේ තලයි දෙවි හෙවත් ඔළුවට ගහගන්නිය වශයෙනි. ඇයගේ දිගු කොණ්ඩය රැලි සහිත වූ අතර බයිසිකලය පැද යනවිට එය නිතරම අවුල් වෙයි. එමනිසා බයිසිකලේ යනවිට ඇය ඇගේ කොණ්ඩයට නිතරම තට්ටු කරන්නට පුරුදුව සිටීම ”තලෙයි දේවි” (ඔළුවට ගහන්නිය) ලෙස නමක් පටබැඳෙන්නට හේතුවිය.
ශර්මිලා සහ අජන්තී යාපනයේ කොරාස් මෝසතර සැලසුම් කරන ෂැගී සැලෝන්හි ගනුදෙනු කරුවෝ වූහ. මුලදී ශර්මිලා කොණ්ඩය කපන්නට පුරුදුව සිටියේ ඩයනාගේ ආකාරයකටය. පසුව ඇය එය මැටීරියල් ගර්ල්  නම් විලාසිතාවට වෙනස් කළාය.
යාපනයේදී ශර්මිලාගේ පාසල් ජීවිතයේ වැඩි කොටසක් ගෙවී ගියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එහිදී ඇය අපොස සාමානය පෙළ සමත් වූයේ විශිෂ්ඨ සම්මාන හතරක් සහ සම්මාන සාමාර්ත හතරක් හිමිකර ගනිමින්ය. ඇය චුන්ඩිකුලි කාන්තා විද්‍යාලයට ඇතුලූ වූයේ අපොස උසස් පෙළ සඳහාය. එය යාපනයේ ශාන්ත ජෝන් විද්‍යලයේ කාන්තා පාසලයි.
රතු සහ කළු
මෙම පාසල් දෙකේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුනේ රතු සහ කළු පාටින් යුතු එක සමාන ටයි පටියකි. එල්ටීටීඊ ශිෂ්‍ය සංවිධානය වන එස්.  ඕ. එල්.වී යට ශර්මිලා සම්බන්ධ වූයේ ඇය උසස් පෙළ පංතියේ පළමු වසරේ සිටියදීය. ඇය අධ්‍යාපනය අතහැර එල්ටීටීඊ යුද පුහුණුවට ගියේ දෙවැනි වසරේ සිටියදීය.
දෙමල කොටි කත කතුවරිය මීට වසර විසි ගණනකට පෙර පාසල් ශිෂ්‍යාවක් ලෙස ගතකළ ජීවිතයේ තොරතුරු එබදුය. යාපනයේ ඉහළ පෙලේ විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඇය ද්වි භාෂා කථාකරන පවුලක නියම වශයෙන් ඉහළ මධ්‍යම පාංතික තරුණියකි.
ඇය වැනි පසුබිමකින් පැමිණි තරුණියක් තම පවුලේ සහ නිවසේ තිබූ පහසුකම් සහ ආරක්ෂාව අතහැර නොදන්නා බොහෝ දේ අනතුරට ලක්වන නව ගමනක් යාමටත් තමන් උදාර අරමුණක් ලෙස සලකා යමක් වෙනුවෙන් ඇගේ  ඒ මොහොතේ ජීවිතය කැප කිරීමේ තීරණයක් ගැනීමටත් හේතු වන්නේ එම කාලයේ ඇය ජීවත් වූ පරිසරයේ පැවැති මීට පෙර සඳහන් කළ පරිසරයේ බලපෑම යටතේය.

Saturday, July 23, 2016

බොක්ක හොද නිසා මට උන පට්ටම සීන් එකක්

දෙයියනේ කියලා ජොබක් හොයාගෙන මාස 5 1/2 පුහුණුවකින් පස්සේ දවස් 10ක් නිවාඩුව ගත කරලා බඩු මල්ලත් අරගෙන එලියට බැහැපු මුල්ම දවස.රඹුක්කනින් බස් එහෙක නැගල ගියා කෑගල්ලට. කොළඹ කෑගල්ල හෝල්ට් එකෙන් බැහැලා කඩේකට ගිහින් තේ එකක් බීලා ඇවිත් මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවේ ඔතනට ආවා ටිකක් මැදි වයසේ ඩබලක් පොඩි දරු පැටියෙක් එක්ක දුක කියාගෙන කොල්ලගේ පපුව හෝස් ගාලා පිච්චුනා කියහන්කෝ.ලොකු බෑග් එක දැක්කහම දන්නවා ඔන ගොනෙක් මුට දෙන්න පුලුවන් හොද ලනුවක් කියලා.ඊට පස්සේ කිව්වා අනේ මල්ලියෝ මම ආමී එකේ. පනාගොඩ කෑම්ප් එකේ ක්වාටස් හිටියේ එකේ OC මගේ වයිෆ්ට අතවර කරන්න ඇවිත් මම ගෑනියි දරුවයි අරන් පැනලා යනවා අතේ සතේ නෑ සල්ලි කීයක් හරි දෙන්න ගොඩාක් පින් කියුවා.මගේ හ්දවත උනුවෙලා වැක්කෙරෙන්න ගත්තා දරු පැටියා දැකලා.අයියේ අතේ 3000 තියෙන්නේ 1000ක් දෙන්නම් කියුවා නෑ මල්ලි 2000 දෙන්න ගෙවල් මොනරාගල කියුවා.මම . දුන්නා ඔන උදවුවක් කරන්නම් කියල නොම්බරෙත් දීලා ගියේ අද වෙනතුරු වැඩ නෑ නම්බර් එක.ඔන්න ඔකයි කතාව.

දවසේ සිතුවිල්ල

දවසේ සිතුවිල්ල

                      පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා තට්ටු 20 ක ගොඩනැගිල්ලක පඩිපෙලක් නගින්න..එක්කෙනෙක් පඩි අතහැර අතහැර දුවමින් පඩිපෙල නගිනවා..අනිත් කෙනා පිලිවෙලට පඩියෙන් පඩිය නගිනවා...බලන්න මේ දෙන්නාගෙන් කාටද ඉලක්කයට ලගා වෙන්න පුලුවන් කියලා..පඩි අතහැර අතහැර දුවන කෙනා ඉක්මනටම හති වැටෙනවා..හති වැටෙනවා කියලා දැන දැනත් එයා දුවනවා..හොදටම බැරි වුනාම තමා එයා නවතින්නේ..මට මෙහෙම කරොත් මේ දේ කරන්න බැරිවෙනවා කියලා එයාට තේරෙන්නේ හොදටම හති වැටුනාම..පිලිවෙලට යන කෙනා මොන බාධක ආවත් පාඩුවේ තමන්ගේ ගමන ගිහිල්ලා ඉලක්කයට ලගා වෙනවා..
අපි ධර්මය ඉගෙන ගෙන එය ප්‍රගුන කරන්න ඕනෙත් මේ පිලිවෙලට..අපිට පිලිවෙලක් නැතිව ඉක්මන් ප්‍රතිපල හොයන ක්‍රම හම්බවෙන්න... පුලුවන්..අපිව නොමග යවන සිතුවිලි,අසත්පුරුෂ මිතුරන් මුනගැහෙන්න පුලුවන්.අපේ සිත තුලින් අපිව ඉක්මන් කරවන මාන්නය,උඩගුකම, වැනි දේ ඉස්මතු වෙන්න පුලුවන්,, මේ දේවල් එක්ක අපි ගියොත් අපි අර පඩිපෙලේ දුවපු කෙනා වගේ හතිවැටෙනවා..හති නොවැටෙන්න මොකද කරන්න ඕනේ..අපිත් පිලිවෙලට ධර්ම මාර්ගය ප්‍රගුන කරන්න ඕනේ..මොහොතක් පසා යම් දේයකින් ඇතිවන මාන්නය,උඩගුකම,ආඩ්මබරය වැනි අකුසල් දුරුකර,උපේක්ෂාව වැනි කුසලයන් සැමවිටම ජිවිතයට බද්ධ කර ගත යුතුයි..නැතිනම් කුසලය කියා ඔබව නොදැනිම අකුසලයටයි ඇදි යන්නේ..එක හරියට පඩිපෙලේ දුවපු පුද්ගලයාට තමා යම් දුරක් ගියවිට හති වැටෙනා බව මුලින් නොදැනුනා සේ ඔබත් මදක් දුර ගියවිට හැති වැටේවි..
තෙරුවන් සරණයි..

සතා සිවුපාවුන්ට පරිසරයට ආදරය කරන්න දරුවාට කියා දෙන්න

සතා සිවුපාවුන්ට පරිසරයට ආදරය කරන්න දරුවාට කියා දෙන්න

ශාස්ත්‍රපති
 දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

ගැරඬියකුට හිංසා කරමින් සිටි දරුවන් පිරිසකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘දරුවනේ ඔය වැඩේ කරන්න එපා. ඔයාලා පළමුව ඔයාලට රිදවගෙන බලන්න. ඒකට කැමැති නෑ නේද? ඒ වගේම මේ සතත් කැමැති නෑ හිංසා කරනවට. බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුළ අහිංසාවාදය සමාජගත කරපු උත්තමයාණන්වහන්සේ නමක්. ඒ නිගණ්ඨනාථපුත්ත වගේ පරම අංහිසාවාදයක් අගය කරමින් නොවේ. සැබෑ අහිංසාවාදය අගය කරමින් ය

සබ්බේ තසන්ති දණ්ඩස්ස
 සබබේ භායන්ති මච්ඡුනො
 අත්තානං උපමං කත්වා
 නහ න්‍යෙය නඝාතයෙ

සියලු සත්ත්වයෝ දඬුවමට බය වෙනවා. දණ්ඩනයට අකැමැති වෙනවා. එය තමන්ටත් එහෙමයි. තමන් උපමා කරගෙන අනෙක් අයට හිරිහැර කරන්න එපා. ජීවිතේ නැති කරන්න එපා. මේ බුද්ධ දේශනාවයි.
පුංචි දරුවන්ට දහම් පාසලේදි ආදර්ශවත් කතාවක් කියලා දෙනවා. ගැරඬියකුට හිංසා කරමින් සිටි දරුවන් පිරිසකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘දරුවනේ ඔය වැඩේ කරන්න එපා. ඔයාලා පළමුව ඔයාලට රිදවගෙන බලන්න. ඒකට කැමැති නෑ නේද? ඒ වගේම මේ සතත් කැමැති නෑ හිංසා කරනවට. බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුළ අහිංසාවාදය සමාජගත කරපු උත්මයාණන්වහන්සේ නමක්. ඒ නිගණ්ඨනාථපුත්ත වගේ පරම අංහිසාවාදයක් අගය කරමින් නොවේ. සැබෑ අහිංසාවාදය අගය කරමින් ය.
අද අපේ අම්ම, තාත්තට, ගුරුවරුන්ට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. සත්තුන්ට වගේම පරිසරයට කරුණාව දයාව පැතිරවීමට අපේ දූ දරුවන් යොමු කරන්න. ඊට පොළඹවන්න.
අපේ මව්පියන් සමඟ දූ දරුවන් ගමන් බිමන් යාමට හරිම කැමැතියි. එහෙත් මව්පියන් දූ දරුවන් ගමන් බිමන් සඳහා කැඳවාගෙන යාමේදී ඔවුන්ට යම් කොන්දේසියක් පැනවිය යුතුයි. ගමන යන අතරතුරදි වාහනය ඇතුළේ අනවශ්‍ය දැඟලීම්වලින් වළකින්න ඕන. නිදාගන්න බැහැ. අවට පරිසරය හොඳින් බලාගන්න ඕන.
ඒ ගමන ගිහින් ඇවිත් දරුවන්ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොනවද දැකපු දේවල්, සතුන් කී දෙනෙක් දැක්කද? මල්වර්ග කීයක් දැක්කද? දැකපු බලපු පැරැණි ස්ථාන මොනවාද? පන්සල් කීයක් දැක්කද? පල්ලියක් කෝවිලක් දැක්කද? දැකපු සතුන් ගැන මොනවද කියන්න තියෙන්නෙ. ඒ වගේ මව්පියන් දරුවන් පරිසරයට යොමු කළහොත් ඔවුන් පරිසරයෙම කොටස් කරුවන් බවට පත්වනවා. ඒ වගේම දරුවන්ට ප්‍රශ්න අසන්නත් අවස්ථාව ලබා දෙන්න ඕන.
ගමනක් යන විට සුනඛයෙකු අපහසුවෙන් එක් කකුළක් ඔසවාගෙන පාද තුනකින් යනවා දරුවා දකින්නට පුළුවන්. දරුවාට ප්‍රශ්නයක් පැන නගිනවා. ඔහු ඒ ගැන අහනවා ‘උප්පත්තියෙන්ම ඒ සතා යන්නේ එහෙමද?, දරුවාට හරි ප්‍රශ්නයක්.
දරුවාට නිවැරැදි පිළිතුර ලබා දිය යුත්තේ ඔහුට ඒ පිළිබඳව අනුකම්පාව ඇතිවන අයුරින්.
“මිනිස්සු තමයි ඔය වැඩේ කරල තියෙන්නෙ. පව් ඒ සතා කොච්චර අමාරුවෙන්ද යන්නෙ”
වාහනයක හැපීමෙන් එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා මහ පාරේ මියගොස් ඉන්න සතුන් අපට හමුවනවා. දරුවා තුළ ඒ පිළිබඳව ශෝකයක් අනුකම්පාවක් හට ගන්නවා.
සතුන් අනතුරුවලට ලක්වීම වළක්වන්න ඔහු සිතින් විකල්ප විසඳුම් සොයනවා.
ජීවිතයේ මුල්වරට දකින සතුන් ගැන ඔහුට සතුටක් ඇතිවනවා. ‘දඬුලේනා’ මුගටියා ඔහු හැඳින ගන්නවා.
එමෙන්ම නිවසේ සුරතලයට වගේම ආරක්ෂාවට ඇති කරන සතුන් අප අතර ඉන්නවා. දරුවන් ඒ ගැන දැනුම්වත් කළ යුතු වනවා.
දරුවන්ට සත්ව කරුණාව ඔවුන්ගේ සිත් තුළින්ම ඇතිවීමට ඉඩ ලබා දිය යුතුවනවා.
ගෙදර ආරක්ෂාවට ඇති කරන සුනඛයාට ඔහු ආදරය කරනවා. තමන් ආහාර ගෙන ඉතිරි ආහාර ටික සුරතල් සතුනට ලබා දෙනවා. ගෙදර ඇති කරන සුනඛයන් ඇතුළු බොහෝ සතුන් අපගේ කරුණාව දයාව හොඳින් දන්නවා. හොඳින් තේරුම් ගන්නවා. අපට තරහ ගොස් සිටින අවස්ථාවල ඔවුන් අප අසළට එන්නේ නැහැ. එහෙත් හොඳින් සිනහ වී බලන්න. කෙතරම් ආදරයක් ගෞරවයක් පෙන්වමින් ඔවුන් අපේ ළඟට එනවාද? ගෙදර ඉන්න සුරතල් බලු පැටව් ටික දරුවන්ට හොරෙන් ඔබ කොතැනකට හෝ ගිහින් දමනව. දරුවන් ඒ බව දැන ගන්නව. දැන් කොහොමද දරුවන්ට සත්ත්ව කරුණාව උගන්වන්නෙ. තමන්ගෙ පැටවුන් කටින් ඔසවාගෙන යන බැළලිය දකින දරුවන්ට මවු සෙනෙහසේ අගය දැනෙනවා. කිරිබොන පූස් පැටියෙක් අම්මගෙන් ටික වේලාවක් වෙන් කරල තියෙන්න. බැළලි අඬමින් හොයනව.දරුවන්ට ඒ වේදනාව දුක පේනවා. දැනෙනවා. අප අතපත ගානකොට පූස් පැටව් ටික තව තැනකට අරගෙන යනව. හංගනව. දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ පරිසරයෙන්.
අපේ ගම් ප්‍රදේශවල තවම බොහෝ නිවාසවල ගවයන් ඉන්නවා. අපේ දරුවො මේ ගවයන් වසු පැටව් දිහා හොඳින් බලා ඉන්නවා. ගවයන්ට ආදරය, කරුණාව දක්වනවා. රත්ති . වයිරා, හඳයා, ආදරය කරුණාව මුසු වෙච්ච නම් යොදනවා. උදේට පාසල් යනකොට පොල්පිති හරකා ඇදගෙන ගිහින් පොල් ගහක බැඳල යනවා. හවසට එනකොට පොල්පිති හරක වෙන ගහක බඳීනව. වැඩිපුර තණකොළ කන්නයි එහෙම කරන්නෙ. පරිසරයෙන් දරුවන් ලබපු අත්දැකීම් උඩ සත්ත්ව කරුණාව පැතිරුණේ ඒ විදියටයි. වඩාත්ම වැදගත් වත්තේ සතුන්ට පරිසරයේ නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ ලබාදී එමඟින් කරුණාව දැක්වීමට දරුවන් හුරු කිරීමයි.
ඉවතලන ආහාර කුරුල්ලන්ට ආහාරයට ගන්නට උස් තැනක තැබීමෙන් ඒ සතුන්ගේ විවිධත්වයන් හඳුනා ගන්න අපේ දරුවන්ට හැකියාව ලැබෙනවා. සතුන් රංචු පිටින් එක් වී සමඟියෙන් ආහාර ගන්නා හැටි දරුවන්ට දැක බලාගන්න පුළුවන්. සතුන් අසාමාන්‍ය ලෙස හැසිරෙන වේලාවේදි සර්පයකු හෝ වෙනත් සතකු පැමිණ සිටින බව අපට තේරුම් යනවා.
සුනාමි ජල කඳ එන බව අපට කලින් සතුන්ට දැනී තිබුණ බව එදා හොඳින් තේරුම් ගැනීමට අපට හැකිවුණා.
නාය යන කන්දකට සතුන් යටවන්නේ නැහැ. පරිසරයේ සිදුවන වෙනස්වීම් සතුන්ට හොඳින් තේරෙනවා.
මේ නිසා තමයි අතීතයේ අපේ මුතුන් මිත්තන් පරිසරය සමග සතා සිවුපාවා සමඟ එකට ජීවත් වුණේ. කුකුළු පැටවුන් ඩැහැගන්න එන විවිධ පක්ෂීන් දැකලා කිකිළි තම පැටවුන් රැක ගන්නා හැටි දරුවන්ට දකින්න ලැබෙනවා නම්, තමන්ගේ මව්පියන්ගේ අගය දරුවන්ට හොඳින් දැනෙනවා.
ඒත් අද අප බොහෝ විට පරිසරයෙන් ඈත් වෙලා සත්ත්ව කරුණාව පවා අපෙන් ඈත් වෙලා තියෙන්නෙ ඒකයි. සත්ත්ව කරුණාව ඈත් වුණායින් පස්සෙ මව්පියන්ට පවා සැලකීම ඈත් වනවා.
අප පරිසරයට ආදරය කළහොත් විතරයි අපට නිවැරැදි මාවතක යන්න පුළුවන් වන්නේ. පරිසරයට සතා සිවුපාවාට ආදරය දක්වන්න අපේ දරුවන් යොමු කළ හැක්කේ එවිටයි.

සාකච්ඡා කළේ
 තාරක වික්‍රමසේකර

මස් කාපං පුතේ උඹට පවු නෑ!

මස් කාපං පුතේ උඹට පවු නෑ!

(මෙහිදී මස් යන පදය භාවිතයේදී මාළු යන සත්වයාද අඩංගු බව සලකනු මැනවි.)

මේ ලිපිය ලියන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නිරිමාංශ ප්‍රශ්නය නම් ග්‍රන්ථය පිලිබඳ මගේ පුද්ගලික අදහස දැක්වීමට. මේ ග්‍රන්ථය ලියා ඇත්තෙ යමෙකු උන් වහන්සේගෙන් ප්‍රශ්න අසා උන් වහන්සේ ඒවාට දෙන පිළිතුරු ආකාරයටයි.

මුලින්ම පෙරවදනේ කියවෙන ආකාරයට උන්වහන්සේ වදාරන්නේ මෙය මාංශ භක්ෂකයන් නිර්මාණයට හෝ නිර්මාංශී අයට ගැරහීමටවත් නොවන බවයි. නමුත් මට හැඟෙන ලෙස මුලු ග්‍රන්ථය පුරාම උන්වහන්සේ පැහැදිලිවම කියන්නේ මස්කෑම මගින් ප්‍රණඝාත අකුසලයක් නොවන බවයි. විනය පිටකයේ භික්ෂූන් සඳහා වැළඳීම තහනම් කරණ ලද මාංශ හැර අනික්වා ගැනීමේ වරදක් නැති බවය. මෙහිදී අතීතයට බලපාන ලෙස කර්ම රැස්වීමක් සිදුනොවන බවක් දක්වා සිටිනවා.

දැන් අපි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සලකා බලමු
න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ, බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති

තමන් වෙනුවෙන් මැරූ බව,
 නොදුටු (අදිට්ඨං)
 නොඇසූ (අසූතං)
 සැකයක් නොමැති (අපරිසංඛිතං)

මේ ආකාරයේ මාශයක් වැළඳීමට පැහැදිලිවම බාධාවක් නොමැත. එය අවිවාදය, නමුත් ගැටලුව ඇත්තේ මේ ආකාරයේ මංශයක් වැළඳිමේන් අපට පවක් සිදුනොවේ, අකුසලයක් සිදු නොවේ කියා මස් කන එකට දිරිදීමය. එසේනම් මාංශ බක්ෂණයට දිරිගන්වමින් පොත් පත්, සහ ලිපි ලියමින් වෙහෙසීමය. මෙය එක් අන්තයකි අනෙක් අන්තය එකල සිටි දේව දත්තයන් කළේය, නමුත් මේ කාරණාවත් තමංගේ මස්කෑමේ කෑදර කමට වාසියට හරවාගැනීමට බොහෝ දෙනා උත්සාහ දරනවා.

මේ දෙව්දත් තෙර බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලූ ඉල්ලීම් 5යි.

1. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ ආරණ්‍යක ම විය යුතුයි.
2. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතික ම විය යුතුයි.
3. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ පාංශුකූලික ම විය යුතුයි.
4. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ වෘක්ෂ මූලික ම විය යුතුයි.
5. දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේ නිර්මාංශික ම විය යුතුයි.

මොහොතක් හිතන්න? වනගතව වාසය කිරීම භික්ෂුවකට අකැපැ ද? එය වැරදි ද? භාවනායෝගි භික්ෂුවකට වඩාත් යෝග්‍යම වන්නේ ආරණ්‍යක සිටීම නොවේ ද? පිණ්ඩපාතය වැඩීම වැරදි ද ? පාංශුකූලික වීම වැරදි ද? වෘක්ෂ මූලික වීම වැරදි ද? නිර්මාංශී වීම වැරදි ද?

බුදුන් මේවාට එකඟ නොවුනේ ඒවා අනිවාර්යවශයෙන් විනිය නීතියක් කළයුතු දේවල් නොවන බැවිනි.

තව දුරටත් විමසා බලමු, බෞද්ධයාගේ නිත්‍ය පංච සීලයේ තුන්වන සිල්පදය ඔබ තවදරුටත් විමසා බැලුවහොත් අවිවාහක ස්ත්‍රියක් සහ අවිවාහක පුරුෂයෙකු ලිංගිකව හැසිරීම තුන්වන සිල්පදය කැඩීමක් නොවන බව ඔබට වැටහේවී, (http://dahamsewana.blogspot.com/2009/04/blog-post_7962.html) නමුත් එයින් අදහස් වන්නේ, එය කළ යුතු බවද ?

මගේ පුද්ගලික මතය, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුභව කිරීමට බෞද්ධයාට බාධාවක් නැත, නමුත් මස් කෑමේන් මට අකුසලයක් සිදුනොවේ, ඒවා මරණ අයට අකුසලයක් සිදුවූවාට මට අකුසලයක් සිදුනොවේ, කියා සිතමින් මස් කෑමට ඇති ආශාව (කෑදරකම) ට හේතු දක්වමින් කෙනෙක් මාංශ අනුභව කරයිනම්, ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් නොවූවත් සිදුවන්නේ අකුසල කර්මයක්මය. තවදුරටත් බුදුන් මස්කෑම තහනම් නොකරන ලද්දේ බොහෝදුරට එය වෘතයකට සමාන විය හැකි නිසාය. යම් අයෙන් නිර්මාංශී වන්නේ එයින් සත්ව ඝාතනයක් නවතින්නේය යන උතුම් චේතනාවකින් නම් එය කුසල කර්මයක් වන්නේමය.

මේ මොහොතේ තවත් පුංචි කතාවක් හිතට ආවා. බුදුන් භික්ෂුන් අමතා පැන් පානයේදී රෙදි කඩකින් පෙරා පානය කරයුතු බව සැල කරා. භික්ෂුවක් විමසා සිටියා එසේ කරන්නේ කුඩා ජීවීන් සිටින නිසා ද කියා, එසේය ඇවත්නී කුඩාජීවින් සිටින නිසා අපි පැන් පෙරා පානය කරමු කිය, එවිට ඍධිමත් භික්ෂුවක් තම ඍධිය භාවිතා කොට ජලය තුල තවමත් පෙරූපසුවත් කුඩා ජීවින් සිටින බවක් සැල කර සිටියා. මෙවිට බුදුන් වදාරේ මම කිව්වේ පෙරා පැන් පානය කිරීමට මිස ඍධියෙන් කුඩා ජීවීන් සිටීදැයි බලන්නට නොවන බවයි.

෴පසු සටහන෴

ඉහත සටහනෙහි සමහරක් කොටස් මා විසින් පසුව වෙනස් කරන ලද බව කරුණාවෙන් සලකන්න, එයට හේතුව ඤාණානන්ද හිමියන්ට අපහාස වන ආකාරයේ වචන සටහන් ව ඇති බව, සමහරෙකුන් විසින් පෙන්වා දුන් නිසාය. එවැනි අදහසක් මගේ සිතේ නොතිබුනත් වචන භාවිතා කොට තිබු ආකරය අනුව එවැන්නක් කෙනෙකුට සිතිය හැක. අනෙක් කාරනාවනම් බෞද්ධායා මස්කෑම හරිද වැරදිද කියා කියා තරක් කර සිටිනවාට වඩා කළයුතු දේවල් ඇත. මේ කාරනාව මත මට පුද්ගලිකව ලැබෙන හෝ ලබාගන්නා වාසියක් නැත. භව අන්තරාව ගැන නියමව වැටෙහේනම් හිස ගිනිගත්තත් ඒ ගැන නොතැවී නිර්වාණයට යොමුවිය යුතුබව දක්වා ඇති බැවින් මෙවන් කාරනා සම්බන්ධව තර්ක විතර්ක කිරීමට කාලය නාස්ති කිරීමද අනුවන කමකි.

මේ කරුණ පිලිබඳ ලියවුනු වැදගත් ලිපි මෙම අඩවියේ ඇත.
http://www.dhammikaweb.com/?p=11628 [මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක්]
http://www.dhammikaweb.com/?p=4617 [පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි - ධර්ම දේශනාව

ආදර කවි පෙලක්

අකුරෙන් අකුර රස කවි පද ලියවෙන්නා
 අතරින් පතර ඇය ගැන මට සිහිවෙන්නා
 කවියෙන් නිතර මගෙ දුක ගැන කියවෙන්නා
 නොහඩන් සසර මතු නුබ මට හිමිවෙන්නා
පිළිතුරු කවි
අකුරෙන් අකුර රස කවි පද ලියවෙන්න
 අතරින් පතර නොව නිතරම සිහිවෙන්න
 කවියෙන් දුකක් නොව සතුටම කියවෙන්න
 පින් කර ගනින් දැන්මම නොපමා වෙන්න
අකුරෙන් අකුර ලියවූ කවි පද සොයලා
 අතරින් පතර සිහිවෙන ඇය ගැන හිතලා
 කවියෙන් නුබේ දුක ඇය හට කියලා
 නොහඩා යන්න මතු සසරේ පෙම පතලා

Wednesday, July 20, 2016

මගේ බිරිද

        මගේ බිරිද
මගේ ජීවිතේ දුකේදී,සැපේදිත් මට ඉන්නේ ඇය පමනයි.මගේ නිවස එලිය කරන්නත් නිවසේ සිරියාවත් මට ඇය පමණයි.ඇය මට දුන් මගේ ලොකුම වස්තුව මගේ දරු පැටවුන් දෙදෙනයි.ඇය ගැන කියන්න මගේ හදවතේ තියෙන හැගීම් වචන වලට පෙරලන්න කියා නිම කරන්න නොහැක.ඇයට මගේ පනමෙන් මම ආදරෙයි.

Monday, July 18, 2016

ඔබේ සොයුරිය නැගණිය ,සොයුරිය අන්තර්ජාලයේ සැරිසරන උම්මන්තකයින්ගෙන් බේරාගන්න.

ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... සොයුරනි ඔබට හිතන්නට කාලයයි...

පරිගණකය... මෙය දැන් ලංකාවේ බොහෝ දෙනකු දන්නා මෙවලමක් වගේම තවමත් බොහෝ දෙනකු නොදන්නා මෙවලමක් කිව්වොත් වඩාත් නිවැරැදියි. නව පරපුර මෙය වේගයෙන් ඉගෙන ගනිමින් සිටිනවා. වර්තමානයේ අපේ රටේ පරිගණක සාක්ෂරතාව සියයට 40ක් තරම් අගයක් ගන්නවා. නුදුරු අනාගතයේම මෙය සියයට 60ක් වන බවට අනාවැකි පළවී තිබෙනවා. පරිගණකය ගැන වැඩිදුර ඉගැන්වීමටවත් පරිගණකය මඟින් ලබාගන්නා විපුල පල ප්‍රයෝජන සාකච්ඡා කිරීමටත් නෙමෙයි මේ සූදානම. බොහෝ දෙනකු දන්නා පරිගණකයේ නොදන්නා පැතිකඩක් අනාවරණය කිරිමටයි මේ සූදානම. පරිගණකයේ මේ නොදන්නා පැතිකඩ නිසා තරුණ පරපුරේ බොහෝ දෙනකු මෙන්ම වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිත අඳුරු කරගත් අවස්ථා මෙන්ම වංචනිකයන්ට රැවටුණ අවස්ථා බොහෝමයි කීවොත් මම හිතන්නේ එය නිවැරදියි. මෙවන් කනගාටුදායක තත්වයන්ට මුහුණ දුන් කිහිපදෙනකුත් මෙන්ම, පරිගණක රැවටිලිකාරයන් කිහිපදෙනකුත් ඇසුරෙන් ලබාගත් මේ අත්දැකීම් සමුදාය මම හිතන්නේ පරිගණක දන්න නොදන්නා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.
මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙන මම වුවමනාවෙන් බැලුවා.
කොහෙද උඹ බලන්නේ? මීට කලින් දැකලා තියෙනවද එයාව. නෑ බං මම නිකන් බැලුවේ.
හොඳට මූණ බලපන්. පින්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.
නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...
ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා...
මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමන්‍යෙයන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.
මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ.... ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.
එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා. මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ.
මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා. කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.
ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?
එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.
ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.
මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා. එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව. මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.
නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද? මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා... ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා.... ඇගේ නම අනොමා....
අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?
මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.
ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ. එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ... හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.
මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න...
හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා....
සතියක් ගත වුණා...
අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා.....
දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...
අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්, ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා. වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා. කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...
කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්. අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.
ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?
මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්. මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර් වටලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ. මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසා මම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.
එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.
මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණ අතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)
මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.
(ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.
මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....
මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.) ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.
ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක. ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ. එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න. මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.
පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.
ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ. මධර කෝල කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.
(කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්. රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ. එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)
ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වා. අවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න. මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?
මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.
එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?
මම විවාහ වුණේ අවුරුදු 20න්. එයා මට වැඩිය ගොඩක් වැඩිමල්. මුල ඉඳලම අපි අතරේ ප්‍රශ්ණ තිබුණා. ගෙදර අකමැත්ත පිටයි මම විවාහ වුණේ. එක ගෙදර හිටයත් අපි දෙන්න දෙපැත්තෙ තමයි හිටියෙ. මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...
ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.
මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා. නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.
ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?
නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.
ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.
පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණක හාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.
මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.
සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.
ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒ ගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා. සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලට අපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා. සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා. ඒ සමහර අයගෙ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට පිරිල තියෙනවා. පිරිමි ළමයින් හැමෝගෙම වගේ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට තියෙනවා. මේ ළඟදි නෝනා කෙනෙක් එයාගේ පර්සනල් කොම් එක මගෙ ළඟට අරගෙන ආව හදන්න. එයාගෙ කම්පියුටරේ ගැහැණු ගැහැණු සමලිංගික සේවනයේ යෙදෙන නිල් චිත්‍රපට පිරිලා තිබුනා. පස්සේ මම එයාගැන හොයලා බලපුවාම දැනගන්ත එයා සමලිංගික සේවනයට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා. අපි ළඟට එන සමහර අය කම්පියුටර් හාඩ්වෙයාර් ගැන කිසිම අවබෝධයක් නැහැ.
එහෙම දැනගත්තාම අපි කරන්නේ ඉතින් දත ගලවන එක තමයි. වීජීඒ කාඩ් එක පිච්චිලා, හාඩ් ඩිස්ක් එක පිච්චිලා මදර් බෝඩ් එක පිච්චිලා... මේ මොනව හරි බයිලයක් කියලා ගාණ කපා ගන්නවා...
ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා. නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි. යක්කල ඉඳුනිල් කම්පියුටර් ෂොප් එකෙන් මා සමුගනිද්දී ඔහු අවසානයට පැවසූ වදන් මාව බොහෝ සේ කම්පාවට පත් කළ බව නම් කිය යුතුමයි.
අයිය දන්නවද අයියේ... දැන් පන්සල්වල ඉන්න සමහර තරුණ හාමුදුරුවරු ළඟ කම්පියුටර් තියෙනවා. මේ ඔක්කොටම වැඩිය හොඳ දේවල් ඒවයේ තියෙනවා.ඒවා කියනව නම් දවසකුත් මදි. නිවාඩු දවසක් තිබු‍ණොත් ආයේ මේ පැත්තේ එන්න මම අයියට විස්තර දෙන්නම්. ඔහු එසේ පවසද්දී මට මතක් වුයේ එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ මෙවැනි අශෝභන ක්‍රියාරැසක් මේ මැතකදී අන්තර්ජාලයට මුදා හැර තිබු බවයි.
මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත් කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.
විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.
මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.
මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන. කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් බබාල එහෙම නිදාගත්තට පස්සේ වයිෆ් කිව්වා එයාගේ නියුඩ් ෆොටෝ එකක් ගන්න කියලා ආසාවට බලන්න. හැබැයි බලපු ගමන්ම මකල දන්න කිව්වා. මම එයාගෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පස්සේ අපි දෙන්නම එකට ඉඳලා ෆොටෝ එකක් ගත්ත. අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.
උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.
ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.
ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.
උඹට කොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා.... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.
මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ.
ඒ රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.
ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා. කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා. කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ. ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.
තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම් සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා
කතාව - සුගත් පෙරේරා

Sunday, July 17, 2016

About father

තාත්තා ගැන
මම තවමත් අනේක වාරයක් දුක් වෙනවා.මගේ තාත්තා ගැන.තාත්තා මිය යන තුරු මගේ සිතේ  තිබුනේ ඔහු ගැන ලොකු තරහක්.මන්ද යත් මාගේ ලමා කාලය ගත කලේ ඉතාමත් දුක් බර ජීවිතයක් බැවින්.එම අවධියේ මම දුටුවේ ඔහු මගේ ලොකේ විනාශ කරන්න ආ යක්ෂයෙක් විදියට.එයට ප්‍රධාන හේතුව තාත්තාගේ බීමත්කම.නොබීව දවසට මගේ තත්තා ඉසිවරයෙක් වගේ.බීවම ඔහු යක්ෂයෙකි.තාත්තා හොදීන් ඉන්නවා දැකලා තියෙන්නේ ඉතාමත් සුලු වශයෙනි.තාත්තාගේ ගුටි වලින් නොමැරී බේරුණු අවස්ථා බොහොමයි.
           මතු සම්බන්ධයි

Father

තාත්තා....
දස මසක් කුසේ තබන්, බොහෝ වේදනා විඳ අපව මේ ලෝකයට බිහිකළේ අම්මා බව ඇත්ත. නමුත් අම්මා සේම තාත්තාද අපි වෙනුවෙන් බොහෝ දුක් විද තියෙනවා... ඉතින් අපේ ජීවිත වල ඉන්න තවත් උතුම් තැනැත්තෙක් තමයි "තාත්තා". නමුත්, සමහර වෙලාවට අපිට "තාත්තලා" සම්බන්ද ගොඩක් අවාසනාවන්ත කථාත් අහන්න සිද්ධ වෙනවා. නමුත් බහුතරයක් විදියට ගත්තොත්, අම්මා වගේම තාත්තාත් අපි වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරනා උතුම් කෙනෙක්... කොහොමනමුත්, තාත්තා කියන්නේ සෑම දුවෙක්ගෙම හිතේ මැවෙන "අනුරුපයයි". බොහෝ විට ඇය ඇයගේ ජීවන සහකරු විදියට සොයනුයේද තමන්ගේ තාත්තා මෙන් කෙනෙක්. එතරම්, දුවලා තාත්තලාට සමීපයි... එකනේ හැමෝම කියන්නේ "සෑම ගෑණු ළමයෙක්ගේම පළමු ආදරය තමාගේ තාත්තා" කියලා. ඉතින් ඒක නිසා, අද අපි හිතුවා "තාත්තා" ගැන ලියැවුණු ලස්සන ආදරණීය නිසදැස් කීපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
ඔහු අපේ ජීවිත වලින් සමුගෙන තිබුනද, ඔහුගේ ආදරය සදා අමරණීයයි... ඉතින් ඒ අමරණිය ආදරය ගැන කියවෙන මේ නිසදැස් ටික බලන්නකෝ....
දිරිදුන් තාත්තා...
පරක් තෙරක් නොමැති මාවතේ - නිවැරදි මගම යන්නට පෙන්නුවේ ඔබ...
සිහින අතර මංමුලා නොවන්නට - කියා දුන්නේ ඔබ...
දියණියන් හට ශක්තියක් වී - දිරිය දුන්නේ ඔබ....
සමිදුන්ගේ පිහිටෙන් සැමදා එක ලෙසම - මේ මිහිමඩලේ වැජබේවා ඔබ...
 (අයි.එන්.සේනාධිර )
ආදර තාත්තා ට
 ඉල්මහේ එක අඳුරු දවසක
 සුළග සේ හැර ගියාදෝ ඔබ
 ලබැදි නෙතකින් මදෙස බලමින්
 සදක් සේ සැගවුනාදෝ ඔබ
 සිහිනෙකින්වත් ලයට ඇවිදින්
 මා කියන දේ අසනවාදෝ ඔබ
 එක් වරක් හෝ දෙපා වදින්නට
 තාත්තේ ඔබ එනවද අද
(මැණිකේ)
මගේ තාත්තා ට
 බහ තෝරන වියට - පැමිණීමටත් පෙර
 ඔබේ සෙනෙහස - අහිමි විය මට...
කෙදිනකවත් - නොඑන්නට ගියා නුබ
 දුර ඈතකට ....
ඔබේ සුවද දිගේ - ඔබ සොයාගෙන එන්නෙමි මම...
අහිමි වූ සෙනෙහස හිමිකර ගැනීමට....- මම කදුළු සද
(කේ.පී.එස්. උපේක්ෂා)
ආදර පියාණෙනි....
මහා මෙරක් සේ සවිය විය මට - නුග රුකක් සේ සිසිලස විය මට
 හිරු සදු සේ එලිය විය මට - පියාණෙනි ඔබේ සෙනෙහස....!
මගේ ලෝකය තැනුව - දෙවිදුන් ඔබයි මට
 මගේ පණ දෙවැනි කොට - මම ඔබට ආදරය කලත්
 අද ඔබ මගේ ලග නැත - ඔබේ පා වැඳ නික්ම යන්නට
 පැතුව පැතුමන් නෙත් බොඳ කරමින් - බොඳව ගිය වග
 මා කෙසේ අදහාගන්නද - මගේ ලෝකයෙන් ඔබ සමුගත් වග

mother

පුර සඳන වී එළිය විදුලන
ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන
හිත සනාලන පින්බරම රුව
නුඹයි මගෙ අම්මේ..

ඉපිද මියයන තුරුම තුන් ලොව
මා පැතුව සෙනෙහසේ  ගුනකඳ
නුඹේ ගුන සුවදමයි
මගෙ අම්මේ..

නුඹේ ඇකයේ හිස හොවාගෙන
නිදන විට නෙත් දෙක පියාගෙන
අදත් දැනුනේ එදා කිරි සුවඳමයි
මගෙ  අම්මේ..

හිතට දිරි ගෙන හෙට සොයන්නට
අතිර ලොව තුල නොසැලි ඉන්නට
මගේ පසුපස එකම දිරියයි
ඒ නුඹයි අම්මේ..

ලොවක් එරෙහිව නැගී සිටියත්
පන දෙවනි වී මාව රැක ලූ
දෙව්ලොවින් බට දෙවඟනකි
නුඹ මගේ අම්මේ..

මගේ සිත් දෙවොලේ තබාගෙන
සදාකල්හිම නුඹව අදහන
නුඹේ සදාදර සුදු දෝණි
මමයි අම්මේ..

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: අතීතේ දවසක්.....

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: අතීතේ දවසක්.....